Hutch මගින් “GetnAiled ” පරිගණක ක්‍රීඩා තරගාවලිය දෙවන වරටත් බලගන්වයි

මෙරට අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින්  Hutch අති සාර්ථක  දෙවන වරටත්ල “GetnAiled Gaming Challenge” පරිගණක ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රහය ලබාදෙයි. මෙම තරගාවලිය ලබන ජුලි 11 සහ 12 යන දිනවල කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හිදි පැවැත්වීමට නියමිතව තිබේ.
අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් දරන”n00b Alliance” විසින් මෙම තරගාවලිය සංවිධානය කරන අතර මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් වන Gamer.LK  ද මේ සඳහා සහය දක්වයි.

Hutch “GetnAiled ”   අභියෝගය පසුගිය වසරේ  කොළඹ 4 මැජෙස්ටික් සිටි හි්දී පැවති අතර 500 දෙනෙකුට වඩා වැඩි තරගකරුවන් පිරිසක්  සහ කණ්ඩායම් 50 ක් පමණ ඊට එක්ව සිටියහ. මේ වසරේ, අතිශය ජනප්‍රිය අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවක් වන ‘Call of Duty 4’  ක්‍රීඩාව Hutch  “GetnAiled ” Gaming Challenge 2015  සඳහා තෝරාගෙන තිබේ. පසුගිය වසරට වඩා දැවැන්ත ලෙස මෙම තරගාවලිය මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කණ්ඩායම් 70ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි. මේ සඳහා ලියාපදිංචි වීම https://www.facebook.com/hutchsrilanka යන Hutch Facebook පිටුව ඔස්සේ සිදුකළ හැකිය. Hutch “GetnAiled” නැරඹිමට එන ඕනෑම අයෙකුට සහභාගි විය හැකි ආධුනික ක්‍රීඩකයින්ට තරගාවලියක් ද Hutch Experience Zone හි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ආධුනිකයන්ට අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවේ අති දක්ෂයින් වීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වන අතර ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.

Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින්

‘’ප්‍රධාන පෙළේ Data සපයන්නකු ලෙස Hutch මෙවරත්   “GetnAiled”  2015 Gaming Challenge  සදහා පුර්ණ දිරි බලය ලබා දෙනවා. පසුගිය වසර කිහිපය තුළ ඉතා වේගයෙන් අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ශ්‍රිලංකාවේ ජනප්‍රියත්වයට පත්වුනා. ඒ නිසා දේශිය දක්ෂයින් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අපේ වගකීමක් කියා අප සිතනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප කැපවී කටයුතු කිරීමට සුදානම්,.

එමෙන්ම පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් Call of Duty  පරිගණක ක්‍රීඩාවේ අති දක්ෂ කණ්ඩායම් දෙකක් වන Xiphos  සහ  nOOb alliance යන කණ්ඩායම් දෙකට Hutch ශ්‍රිලංකා පුර්ණ අනුග්‍රාහකත්වය සපයයි.

මෙම තරගාවලිය පිළිබඳ අදහස් දැක්වු “GetnAiled ” සංවිධායක විකුම් ජයසේකර මහතා

‘’Hutch පුර්ණ අනුග්‍රාහකත්වය අපිට ලොකු ශක්තියක්.  දේශිය පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ Hutch දක්වන උනන්දුව අපි අගය කළ යුතුයි. විශේෂයෙන්ම මුල්‍ය දායකත්වය සැපයීමට විතරක් සීමා නොවී Hutch ශ්‍රිලංකා ආයතනය අන්තර්ජාල පහසුකම්, සහ පරිගණක ජාල පහසුකම් ආදී සේවා රැසක් සැපයීමෙන් මෙන්ම ඉතා සමීපව සංවිධාන කටයතු වලට සම්බන්ධ වෙමින් මේ තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය දෙනවා. තරුණ වැඩිහිටි අතර ඉතාම ජනප්‍රිය පරිගණක අන්තර්ජාල ක්‍රීඩා මේ වෙනකොට ලෝකයේ වෘත්තිමය ක්‍රීඩාවක් වන මට්ටමට පත්වෙලා තිඛෙනවා˜