නිමක් නැති සබඳතාව වැඩි කිරීමට නව තාක්ෂණය පතුරමින් හච් නෙළුම් කුලුණ ආවරණය කරයි

කොළඹ අහස් කුසට විහිදුණු ගොඩනැගිලි අතර ඇදහිය නොහැකි සලකුණක් නිර්මාණය කරමින්, ශ්‍රි ලංකේය ඉතිහාසයේ නව පිටුවක් විවර කරමින් පිහිටුවන ලද නෙළුම් කුලුණ හච් නව තාක්ෂණයෙන් බල ගන්වයි. දීප ව්‍යාප්ත 4G සබඳතාව වර්ධනය කරමින් මෙම සුවිශේෂී ස්ථානයේ ඇතුළත සිට හච් සිය පාරිභෝගිකයින් වෙත රැහැන් රහිත 4G අත්දැකීමක් හා නිම නොවන සබඳතාවක් ලබා දෙයි.

කවදා කොතැන වුව, පාරිභෝගිකයින් වෙත ශක්තිමත් ජංගම දුරකතන ආවරණයක් හා රැහැන් රහිත සම්බන්ධතාවයක් ලබා දීමේ වැදගත්කම තේරුම් ගත් හච් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රි ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආවරණ ලැයිස්තුවට එක්වන නවතම ස්ථානය ලෙසින් නෙළුම් කුලුණ ඇතුළත් කර තිබේ.

නෙළුම් කුලුණේ වර්ධනය වුණු ආවරණ විසඳුම සමගින්, හච් පාරිභෝගිකයින් හට එනම්, නෙළුම් කුලුණේ අමුත්තන් ලෙසින් පැමිණෙන්නන් හෝ ස්ථිරව රැඳී සිටින කවරකුට වුවද, ගොඩනැගිල්ලේ පාදමේ සිට මුදුන දක්වා මෙන්ම, සෝපාන තුළ, නෙළුම් මලේ නාරටිය ලෙසින් දිස්වන කොටසෙහි ඇතුළත, ඉහළ මාලවල හෝ කුමන ස්ථානයක රැඳී සිටියද, වැඩි දියුණු වුණු ජංගම දුරකතන සම්බන්ධතාවයෙන් උද්දාමයට පත් වීමට හැකි වෙයි.

හච් මෙහෙයුම් හා සේවාවන් හි තත්ත්වයෙන් ක්‍රියාකාරිත්වය සහතික කරමින් හච්, බහුජාතික විදුලි සංදේශ පද්ධති සැපයුම්කරුවකු වන ZTE සමාගම මගින් සිය නවතම ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය (BTS) ව්‍යාප්ත කෙරිණි.

“නෙළුම් කුලුණ ඇතුළත සිටින හච් පාරිභෝගිකයින්හට ඉතා හොඳ ක්‍රියාකාරි දුරකතන  සම්බන්ධතාවක් අවශ්‍ය බව අපි තේරුම් ගෙන සිටිනවා. නව තාක්ෂණික උපාංග භාවිතය මගින්, අපගේ පාරිභෝගිකයින් හට ශක්තිමත් හා විශ්වාසනීය ලෙස, ඉහළම ආකාරයෙන් දුරකතන තාක්ෂණය ලබා දෙන බව අපි සහතික කර තිබෙනවා.“  හච් ශ්‍රී ලංකා ජාලයේ සාමාන්‍යාධිකාරී ධනන්ජය පොන්නම්පෙරුම සඳහන් කරයි.

උත්සවාකාරයෙන් විවෘත කෙරුණු නෙළුම් කුලුණ මීටර් 350 ක උසකින් යුතුව පිහිටන දකුණු ආසියාවේ විශාලතම කුලුණ ද වෙයි. එහි (ICT) සැලැස්ම සහතික කරන්නේ, ඩිජිටල් රූපවාහිනී, ගුවන් විදුලි ඇතුඵ විදුලි සංදේශ කාර්යයෙහි ලා තනි බෙදාහැරීම් මධ්‍යස්ථානයක් වශයෙන් නෙළුම් කුලුණ ක්‍රියා කරන බවයි. ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) එම දැක්ම සැබෑවක් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ අතර, විදුලි සංදේශ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ වෑයමෙහි කොටසක් ලෙසින් එම  ව්‍යාපෘතිය කළමණාකරණය කර තිබුණි.