හච් අලෙවි විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන හච්, සිය අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන හච් Champion’s Challenge 2019 අති උත්කර්ෂවත් අන්දමින් නිමා කළේය.  මෙම උත්සවය පසුගියදා කොළඹ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හිදී පැවැත්විණ.

2019 වසරේ ඉලක්ක සම්පූර්ණ කරමින් ක්ෂේත්‍ර අළෙවි දක්ෂතා දැක්වූ නියෝජිත අලෙවි කණ්ඩායම් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා 700 කට අධික හච් කාර්ය මණ්ඩලය සහ දිවයින පුරා අලෙවි නියෝජිතයින් සහ ඔවුන්ගේ සේවකයින් එක්ව සිටියහ. තවද හච් සහ එටිසලාට් ඒකාබද්ධ වීමෙන් පසුව ආයතන ද්විත්වයේම අළෙවි නියෝජිතයන් සහභාගී වූ ප්‍රථම ඇගයුම් වැඩසටහනද මෙය වීම සුවිශේෂී වේ.

මෙම ඇගයුම සඳහා දිවයිනේ සියලුම කලාපයන් ආවරණය වන අයුරින් මුල්‍ය වර්ෂයේ සෑම කර්තුවකටම අදාළව හොඳම දක්ෂතා දැක්වූවන් තෝරා ගන්නා ලදී . ඒ අනුව හොඳම අළෙවි නියෝජිතයාට හිමි සම්මානය කුරුණෑගල ICA  කමියුනිකේෂන්හි ටී.එල්.අයි.ඩී. මධුශංක විසින් දිනාගත් අතර ඒ වෙනුවෙන් ඔහුට යමහා යතුරු පැදියක් හච් විසින් පිරිනැමිණ.  මෙම අංශයේම අනුශූරතාවය මාතර Unitel Lanka හි ටී. ප්‍රසාද් ජයසේකර විසින් දිනාගත් අතර පිළිවෙලින් කුරුණෑගල ICA  කමියුනිකේෂන්හි පී.ඩී.එන් අබේරත්න, පී.ජි.වයි එම් රණසිංහ සහ එච්. එම් සෙනෙවිරත්න තෙවන, සිව්වන හා පස්වන ස්ථාන  දිනාගත්හ. තවද සමස්ථ කාර්යසාධනය නියෝජනය කරමින් විශිෂ්ටතම අළෙවි නියෝජිතයාට හිමි සම්මානය කුරුණෑගල ICA  කමියුනිකේෂන්හි එච්. එම් සෙනෙවිරත්න විසින් දිනා ගත්හ.

මේ වන විටත් හච් හි ජාල ව්‍යාප්තිය  පුළුල් ලෙස ක්‍රියාත්මක  වෙමින් පවතින අතර ඒකාබද්ධ සේවාවන් මඟින් අළෙවිකරුවන්ට රට පුරා පුළුල් පරාසයක් තුල සිය සේවා ව්‍යාප්ත  කිරීමට අවස්ථාව උදා වනු ඇත. මෙම අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින්, හච් ශ්‍රී  ලංකා සමාගමේ විකුණුම් අංශයේ සාමාන්‍යාධිකාරි  මනෝජ් කුමාර් මෝසස් මහතා ප්‍රකාශ  කළේ ” හච් විසින් අනුගමනය කළ සාර්ථක ඒකාබද්ධ ප්‍රවේශය  සිය විකුණුම් කණ්ඩායම් සඳහා ඉදිරියේදී තව දුරටත් අභියෝගයන් ඇති කරනු ඇති බවයි. එම නිසාම මෙම වසරේ Champions Challenge ඉතා වැදගත් සහ සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවත්සිය පාරිභෝගිකයින්ට උසස් ගුණාත්මක සේවාවක් ලබා දීම  සඳහා සිය අළෙවි ජාලයේ කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩව පවතිනු ඇති බවටත්  හෙතෙම විශ්වාස කරනවා” යනුවෙනි.