හච් විසින් කැවල්රි සුපර් ක්‍රොස් 2019 බල ගන්වයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) හච් හා එක්ව සංවිධානය කරන ලද හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019 තරඟ මාලාවේ තවත් එක් සුවිශේෂී තරඟාවලියක් වන කැවල්රි සුපර් ක්‍රොස් ධාවන තරඟ සඳහා හච් විසින් සිය අනුග්‍රහය දක්වා ඇත.  ශ‍්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් මෙහෙයවනු ලබන කැවල්රි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 09 වන වතාවටයි.

පසුගිය යුද සමයේදී සන්නාහ සන්නද්ධ බළකායේ සේවය කරමින් සිටියදී මිය ගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ සෙබලුන්ගේ පවුල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම තරඟාවලියෙන් ලැබෙන ආදායම බැර වෙන අතර මෙවර තරඟාවලිය සඳහා හච් සිය ප්‍රධාන අනුග්‍රහය දැක්වුයේ සිව්වන වතාවටයි.

මෙවර තරඟාවලිය කුරුණැගල පාන්ගොල්ල ධාවන පථයේදී සාර්ථක ලෙස නිමාවට පත් වුණු අතර තරඟාවලියේදී හච් සන්නාම තානාපති කුෂාන් පීරිස් විසින්  Cavalry Super Series 2019 SL-GT -Cars, 3500 සීසී කාණ්ඩය යටතේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.