හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019 සඳහා සියල්ල සූදානම්

ශ්‍රී ලංකාවේ ශ්‍රීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම දුරකථන සබඳතා ජාලයවන හච් සමාගම ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ (SLARDAR) ‘හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019’ ශූරතාවලිය සඳහා අත්වැල් බැඳගෙන සිටී. එම සංගමය මෙරට පැරණිත ම සහ වඩාත් කීර්තිමත් ම මෝටර් රථ ධාවන සංගමය ද වේ.

මෙරට සුපිරි ධාවකයන් වසරේ ශුරයා බවට පත්වීමේ සඳහා උරෙනුර ගැටෙන උද්වේගකර ඉසව් රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව මෙමගින් මෙරට මෝටර් රථ ධාවන තරග ලෝලීන් හට උදාවේ. වසරේ මෝටර්රථ ශූරයාට සහ යතුරුපැදි ශූරයාට මෝටර් රථය බැගින් පිරිනැමේ.

මේ වසරේ නොවැම්බර් මසදී වර්ණවත් සම්මාන ප්‍රදානෝත්සවයකින් මෙම ශූරතාවලිය නිමා කිරීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කර ඇත.

“තවත් වසරක් සඳහා SLARDAR අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම අප ගෞරවයක් සේ සලකනවා. මෝටර් රථ ක්‍රීඩා යනු ත්‍රාසය සහ කුතුහලය මුසුවුණු වේගවත් ක්‍රීඩාවක්. එමෙන්ම හච් සමාගම ද සිය 4G සබඳතා ජාලය තවදුරටත් පුළුල් කරමින් අසමසම වේගවත් ඩිජිටල් අත්දැකීමක් පාරිභෝගිකයන්ට පිරිනැමීමට කටයුතු කරනවා” යනුවෙන් හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි වැදගත් ඉසව් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම හරහා හච් සමාගම පාරිභෝගිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට උපරිම වින්දනයක් ලබාදීමට කටයුතු කරයි.

තවද, නවීන තාක්ෂණය සමගින් දිවයින පුරා ව්‍යාප්ත කෙරෙන 4G ජාලය මෙරට දත්ත සහ බ්‍රෝඩ්බෑන්ඩ් කර්මාන්තයේ උන්නතියට මග කියයි.