හච් සන්නාම තානාපති ලෙස ධාවන ශූර කුෂාන් පීරිස් පත්වෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සහකරුවන හච්, සිය සන්නාම තානාපති ලෙස තරුණ මෝටර් රථ ධාවන ශූර කුෂාන් පීරිස් පත්කර ඇත. මෙරට දැවැන්ත ම මෝටර් රථ ධාවන තරගාවලියවන “හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019” සඳහා හච් සමාගම අනුග්‍රාහකත්වය ලබාදෙයි. මෙවර තරගාවලියේදී කුෂාන් පීරිස් වේගවත් ධාවන ඉසව්වක් වන SLGT කාණ්ඩය යටතේ තරග වදින අතර, ධාවන ශූරයන් රැසක් ශූරතාවලිය සඳහා උරෙනුර ගැටෙන තරගකාරිත්වයෙන් අනූන ක්‍රීඩා ඉසව්වක් බවට මෙරට තරගාවලිය ද පත්වනු ඇත. හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් සන්නාම තානාපති කුෂාන් පීරිස් හච් සුපර් සීරීස් 2019 තරගාවලියට අදාළ අනුග්‍රාහක ගිවිසුම හුවමාරු කිරීමේ අවස්ථාව ඉහත ඡායාරූපයේ දැක්වේ.