හච් ‘සිරස වසන්ත උදානයේ’ නිළ විදුලිසංදේශන සහකරු ලෙස අත්වැල් බැඳගනී

හච් සමාගම ‘සිරස වසන්ත උදානය 2019’ සඳහා නිළ විදුලි සංදේශන අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳ ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සිරස මාධ්‍ය ජාලය සංවිධානය කරන ලද මෙම අවුරුදු සැණකෙළිය හිඟුරග්ගොඩ ඩඩ්ලි සේනානායක මහජන ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි. කාන්තා සහ පිරිමි බයිසිකල් සහ මැරතන් ධාවන තරග ඇතුළුව විවිධ අවුරුදු ක්‍රීඩා රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය. තවද, ශ්‍රී ලාංකේය නව වසරේ සැබෑ සම්ප්‍රදායික උරුමය නියෝජනය කළ ‘සිරස වසන්ත කුමරා සහ කුමරිය’ අවසන් මහා තරගය ද මෙදින පැවැත්විණි.