*123# Ultimate Code

දැන් එක් අනන්‍ය කේතයක් හරහා පහසුවෙන් අපගේ සියලු ම සේවා සඳහා ප්‍රවේශ විය හැකිය. මෙමගින් සේවා සහ පහසුකම් රැසක් එකම මෙනුවක් හරහා ඉදිරිපත් කෙරෙන බැවින් විවිධ සේවා සඳහා කේත ගණනක් මතකයේ තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. පහත සේවා සහ පහසුකම් ලබා ගැනීම සඳහා දැන් ඔබ කළ යුත්තේ *123# ඩයල් කිරීම පමණි.

1. HOT
ඩේටා පැකේජ, වොයිස්, SMS සහ VAS ආදී පුළුල් පරාසයක විහිදුනු ‘උණුසුම්’ දීමනා දැක ගන්න.

2. Balance
පෙරගෙවුම් සහ පසුගෙවුම් සම්බන්ධතාවල ශේෂය හෝ ගෙවීමට ඇති මුදල හෝ දැක ගන්න.

3. Account
ශේෂය පරික්ෂා කිරීම, රීචාර්ජ් කිරීම, ණයක් ලබා ගැනීම හෝ ක්‍රෙඩිට් වෙනත් අයෙකුට යොමු කිරීම ඇතුළු ගිණුමේ ශේෂය සම්බන්ධ පහසුකම් රැසකට පිවිසෙන්න.

4. Data Packs
ඔබ වෙනුවෙන් අප පිරිනමන අන්තර්ජාල පැකේජ රැස අතරින් ඔබට කැමති ඕනෑම පැකේජයක් සක්‍රිය කර ගන්න.

5. Calling Packs
ඔබ වෙනුවෙන් අප පිරිනමා ඇති හච්-හච් ඇමතුම් පැකේජ සක්‍රිය කර ගන්න.

6. SMS Packs
ඔබේ අවශ්‍යතාවට සරිලන හච්-හච් SMS පැකේජ තෝරාගෙන සක්‍රිය කර ගන්න.

7. VAS/Convenience
ඔබ වෙනුවෙන් පිරිනමා ඇති අගය එකතු කළ සහ පහසු සේවා දැක ගන්න. නිව්ස් ඇලර්ට්ස්, ක්‍රීඩා, ජනප්‍රිය පුද්ගලයන්ගේ නවත ම තොරතුරු, වෛද්‍යවරයෙකු චැනල් කිරීම, දුම්රිය ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගැනීම ඇතුළු තවත් සේවා රැසක්.

8. Travel Abroad
ඔබ වෙනත් රටක සංචාරය කරන විට ඔබගේ ආදරණීයයන් සමග අඛණ්ඩ සබඳතාවක් පවත්වා ගන්න. රෝමිං සහ IDD සේවා සඳහා සුවිශේෂී විකල්ප රැසක්.

9. Help
පාරිභෝගික සේවා රැසක් එකම තැනකින්.