2015 හච් චැම්පියන්ස් චැලෙන්ජ් අලෙවි නියෝජිතයන් අගයයි

හච් සමාගම සිය වෙළෙදපොළ සහ ආදායමේ ඉහළ වර්ධනයක් වාර්තා කරයි. 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන 3G ජාලය වන හච් මෑතක දී පැවැත් වූ  “2015 හච් චැම්පියන්ස් චැලෙන්ජ් “ සම්මාන උළෙලේ දී මූල්‍ය වර්ෂයේ පළමු සහ දෙවෙනි කාර්තුවන්හී ඉහළ අලෙවියක් වාර්තා කළ අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක් කරන ලදි. 
 
විශේෂයෙන්ම සමාගමේ3G දත්ත අලෙවියේ  විශාල වර්ධනයක් මෑත කාලය තුළ දී දැක ගත හැකි වූ අතර දීපව්‍යාප්ත වෘත්තීමය සහ සේවා කුසලතාවයෙන් හෙබි විකුණුම් බලකායේ විශිෂ්ඨ  අලෙවි ක්‍රියාවලිය මෙම වර්ධනය සඳහා හේතු විය.  
 
මෙම උළෙල සඳහා හච් සේවක මණ්ඩලය සහ දීප ව්‍යාප්ත අලෙවි නියෝජිතයන්  ඇතුළුව 400 අධික පිරිසක් සහභාගී වන ලදි. මෙම උළෙලේ දී  හච් සමාගමේ අනාගත සැලසුම් සහ නව හච් සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කළ අතර හච් අලෙවි නියෝජිතයන්  සමඟ වෙළෙදපොළ තත්ව සහ අභියෝග පිළිබඳ අදහස් හවුමාරු කර ගන්නා ලදි. 
 
එක කණ්ඩායමක් ලෙස මේ දක්වා ප්‍රදර්ශනය කළ ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් හච් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසුවේ ය. “දැඩි තරඟකාරිත්වය අභිබවා ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් 3G දත්ත සම්බන්ධයෙන් අභියෝගාත්මක තරඟකරුවෙකු ලෙස නැගී සිටීමට හච් සමාගම සමත් වී ඇත. මෙම ජයග්‍රාහණය සම්බන්ධයෙන් මම අපගේ සමස්ථ හච් සේවක මණ්ඩලයට ස්තූතිවන්ත වන අතර නව 3G පාරිභෝගිකයන් අත් කර ගන්නා අතරතුර දැනට සිටින පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉහළ සේවාවක් පිරිනමමින් ඉතාමත් විශිෂ්ට ක්‍රියාකාරිත්වයක් ප්‍රදර්ශනය කළ අපගේ විකුණුම් සේවක කණ්ඩායම විශේෂයෙන් මතක් කරන්නෙමි.
 
“අප සමාගම ප්‍රතිඵල ඉලක්ක කරගෙන ක්‍රියා කරන අතර හොඳ තරඟකාරිත්වයක් සහ සැබෑ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය අගයමින් විශිෂ්ට වර්ධනයක් වාර්තා කරන සේවකයින්ව ඇගයීමට ලක් කරන්නෙමු. අපගේ සේවක කණ්ඩායම් ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ගමන් කිරීමට මෙම සංස්කෘතිය සහ සේවා පරිසරය සහාය වනවා නිසැකයැයි“ හච් විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය අදහස් දැක්වූවා ය.

හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය විසින් කණ්ඩායම් ජයග්‍රාහකයින්ට විශිෂ්ට ක්‍රියාකාරිත්ව සම්මානය පිරිනමන අවස්ථාව. ඉරේෂ් නුවන් කුමාර, ඒ සමන් කුමාර, එච් ඒ සුරංග සංජීව, එම් එච් එම් සංජීව, ජනක තුෂාර, කේ එල් ඒ අනුරාධ සිල්වා, ජී ආර් පී බණ්ඩාර සහ කේ සී සම්පත් පෙරේරා යන අයද ඡායාරූපයේ පෙනි සිටී.

හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය විසින් කණ්ඩායම් ජයග්‍රාහකයින්ට විශිෂ්ට ක්‍රියාකාරිත්ව සම්මානය පිරිනමන අවස්ථාව. ඉරේෂ් නුවන් කුමාර, ඒ සමන් කුමාර, එච් ඒ සුරංග සංජීව, එම් එච් එම් සංජීව, ජනක තුෂාර, කේ එල් ඒ අනුරාධ සිල්වා, ජී ආර් පී බණ්ඩාර සහ කේ සී සම්පත් පෙරේරා යන අයද ඡායාරූපයේ පෙනි සිටී.