අප පිලිබඳ

මෙරට ප්‍රධාන පෙලේ ජංගම විදුලි සංදේශ සැපයුම්කරුවකු වන අප දිවයිනේ විශාලතම මෙන්ම ප්‍රමුඛතම 3G ජාලයකට හිමිකම් කියන සමාගමකි. 2012 දී 3G සේවා දියත් කළ අප මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් සේවා සපයමින් සිටිමු.

හචින්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම (හචින්සන් ටෙලිකොම් ලංකා) වසර 2004 දී මෙරට GSM සේවාව දියත් කලේය. හචින්සන් ඒසියා ලිමිටඩ් හි සාමාජීකයෙකු වශයෙන් අප ශක්‍යතාව තහවුරු කරගෙන සිටින්නේ ලොව ප්‍රමුඛතම සමාගමක් වන හචින්සන් වම්පෝවා සමගමේ (CKH) සාමාජිකයෙකු වශයෙනි. හොංකොං මුලස්ථානය කොටගත් හචින්සන් වම්පෝවා සමගම (CKH)ලෝකයේ ප්‍රධානතම සමාගම් 500 අතරින් එකකි. හචින්සන් වම්පෝවා සමගම (CKH) මේ වනවිට ලෝකයේ රටවල් 52 කට සිය සේවා සපයයි. එමෙන්ම මෙම සමාගම හොංකොං කොටස් වෙළද පලේ ප්‍රධාන පුවරුවේ සටහන් වන සමාගමකි. විදුලි සංදේශ, යටිතල පහසුකම්,බලශක්ති, වරාය සහ ආශ්‍රිත සේවා,දේපළ ‍වෙළදාම්,හෝටල්, සහ වෙනත් නිෂ්පාදන ආදී වශයෙන් සමාගම් රැසකට හිමිකම් කියයි.

හචින්සන් ඒසියා ලිමිටඩ් සමාගමද ඉන්දුනීසියාව , වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවලට ජංගම විදුලි සංදේශ සේවා සපයයි. හචින්සන් වම්පෝවා සමුහයේ විදුලි සංදේශ අංශය ඔස්ට්‍රේලියාව,ඔස්ට්‍රියාව,ඩෙන්මාර්කය,හොංකොං,අයර්ලන්තය,ඉතාලිය,මැකාවු,ස්වීඩනය,සහ එක්සත් රාජධානිය යන රටවලට 3G සේවා සපයයි. හචින්සන් ඒසියා ලිමිටඩ් සහ CKH පිළිබඳ වැඩි විස්තර සඳහා www.ckh.com.hk/en/global/home.php වෙත පිවිසෙන්න.