BID2WIN

BID2WIN යනු කුමක්ද?

BID2WIN යනු, අඩුම සුවිශේෂී ලංසුව තැබීමෙන් වටිනා තෑගි රැසක් හිමිකර ගත හැකි ලංසු තරගයකි. ලියාපදිංචි වීමෙන් පසුව, ඔබට හිමිකර ගත හැකි තෑගි මොනවාද යන්න පිළිබඳ දැනුම්දීමක් සිදු කෙරේ. එබැවින් දැන්ම ලියාපදිංචි වී ලංසු තැබීම ආරම්භ කරන්න!

දිනාගත හැකි තෑගි සහ ජයග්‍රාහකයන් පිළිබඳ විකාශන මාධ්‍ය සහ SMS මගින් දැනගත හැකිය.

ලංසු තබන්නේ කෙසේද?

ලියාපදිංචි වීම සඳහා : BW ලෙස ටයිප් කර 3947 ට SMS කරන්න
ලංසුවක් තැබීම සඳහා : BW ලෙස ටයිප් කර 3947 ට SMS කරන්න
අක්‍රිය කිරීම සඳහා : BWOFF ලෙස ටයිප් කර 3947 ට SMS කරන්න

ගාස්තු

දායක මුදල දිනකට රු. 5+බදු වේ. දිනකට ලංසු 4 ක් හිමි වේ. ඔබට වැඩිපුර ලංසු තැබීමට අවශ්‍ය නම් තවත් ලංසු 4 ක් රු. 5(+බදු) මුදලකට ලබා ගත හැකිය.

අක්‍රිය කර ගන්නා ආකාරය :

BWOFF ලෙස ටයිප් කර 3947 ට SMS කරන්න

ලංසු ක්‍රීඩාව සිදුවන ආකාරය:

A නමැති පාරිභෝගිකයා
රු. 2 ක් ලංසු තබයි

අඩුම සුවිශේෂී ලංසුව සමගින් ඉදිරියෙන් ම සිටින්නේ එම පාරිභෝගිකයායි.

B නමැති පාරිභෝගිකයා
රු. 3 ක් ලංසු තබයි

මෙම ලංසුව සුවිශේෂී වුවත් එය A නමැති පාරිභෝගිකයාගේ ලංසුවට වඩා වැඩිය. තවමත් ඉදිරියෙන් සිටින්නේ A පාරිභෝගිකයාය.

A නමැති පාරිභෝගිකයා
රු. 2 ක් ලංසු තබයි

දැන් පවතින අඩුම සුවිශේෂී ලංසුව මෙයයි. දැන් ඉදිරියෙන් සිටින්නේ C පාරිභෝගිකයායි.

D නමැති පාරිභෝගිකයා
රු. 1 ක් ලංසු තබයි

රුපියල් 1 ලංසුව තවදුරටත් සුවිශේෂී ලංසුවක් නොවේ. රු. 2ක් ලංසු තැබූ A පාරිභෝගිකයා යළිත් ඉදිරියට පැමිණේ.

සෑම ලංසු තබන්නෙකුට ම තරගයේ තත්ත්වය පිළිබඳ දැනුවත් කෙරෙන අතර ඊට අදාළ දැනුවත් කිරීම් සිදු කෙරේ.

  • > ඔබේ ලංසුව දැනට ඇති අඩුම සහ සුවිශේෂී ලංසුව වූ විට.
  • > ඔබේ ලංසුව තවදුරටත් අඩුම ලංසුව නොවූ විට හෝ එය සුවිශේෂී නොවූ විට.
  • > වෙනත් ලංසු තබන්නෙකු ඔබේ ලංසුවට සමාන ලංසුවක් තබා ඇති විට (එවිට ඔබට වෙනත් අගයක් ලංසු තැබිය හැකිය)
  • > තරගය අවසන් වූ විට සහ අලුත් තෑගි තරගයට ඉදිරිපත් කෙරුණු විට