Hutch වෙතින් තවත් අද්විතීය නවතම සේවාවක් – ‘On Screen Buddy’

අන්තර්ජාලයේ සැරිසරන අතරතුරදීම ගිණුමේ ශේෂය පරික්ෂා කිරීම සහ අමතර ඩේටා පැක්ස් ක්‍රියාත්මක කර ගැනීමේ පහසුකම්

පුවත බාගත කරගන්න

මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන බ්‍රෝඩ්බෑන්ඩ් විදුලි සංදේශ සමාගමක් වන Hutch විසින් ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ‘On Screen Buddy’ නමින් නවතම සේවාවක් හඳුන්වා දෙයි.

වර්තමානයේ ජංගම දුරකථන භාවිත කරන්නන් අන්තර්ජාලය පරිහරණයේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ අන්තර් ජාලය පරිහරණය කරන අතරතුරදී ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම සහ අමතර ඩේටා පැක්ස් ලබාගැනීම සඳහා පවතින අපහසුතාවයයි. මීට පෙර මෙම අපහසුතාව මඟහරවා ගැනීමට කෙටි යෙදුම් මතක තබා ගැනීමට හෝ සෙල්ෆ් කෙයාර් ඇප්ස් (self-care apps) පහසුකම් භාවිත කිරීමට සිදුවිය.

මෙම ගැටළුවට විසදුමක් ලෙස Hutch විසින් හඳුන්වා දුන් නවතම සේවාව වන ‘On Screen Buddy’ සේවාව යටතේ අන්තර්ජාලයේ සැරිසරන අතරතුරදීම ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම සහ අමතර ඩේටා පැක්ස් ලබාගැනීමේ පහසුකම හිමිවෙයි. මෙහිදී ස්මාර්ට්ෆෝන් තිරයේ කෙළවරක දිස්වන කුඩා පරිමාණයේ  Hutch සළකුණ  ටැප් කිරීම මඟින් ගිණුම් ශේෂය දැනගැනීම සහ අවශ්‍ය නම් අමතර ඩේටා පැක්ස් ලබාගැනීමට හැක. මෙහිදී විවෘත කර ඇති අන්තර්ජාල පිටු වලින් ඉවත් නොවී ගිණුම් ශේෂය දැනගැනීමටත්  අමතර ඩේටා පැක්ස් සක්‍රිය කර ගැනීමටත් හැකියාව ලැබේ .

මෙම නවතම සේවාව මඟින් පාරිභෝගිකයා අන්තර්ජාලයේ සැරිසරමින් සිටියදී ඩේටා අවසන් වීම නිසා ඇති වන ගැටළු මඟහරවා ගැනීමට අවස්ථාව සැලසෙයි.

මෙම සේවාව පිළිබඳව අදහස් දැක්වූ Hutch ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ  බාධාවකින් තොරව සේවා පරිහරණය කිරීම   සඳහා සිය පාරිභෝගිකයින් වෙත පහසුකම් සැලසීමේ පියවරක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවයි. සිය පාරිභෝගිකයා වෙත තිලිණ කෙරෙන නවතම සේවාව වන  ‘On Screen Buddy’සේවාව  පාරිභෝගිකයින් පීඩාවට පත්වන අවස්ථා සොයා බලා ඊට විසඳුම් ඉදිරිපත් කිරීමේ Hutch උත්සාහයේ ප්‍රතිඵලයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන මෙම සේවාව අවශ්‍ය අවස්ථාවක ක්‍රියාත්මක කර ගැනීම සඳහා තාවකාලිකව තිරයේ දිස් නොවන ආකාරයට සකසා ගත හැකි අතර එලෙස අවශ්‍ය නොවන්නේ නම් ස්ථිර ලෙසම  ක්‍රියා විරහිත කර තැබීමේ  පහසුකම් වලින්ද යුක්ත වෙයි.