mCash

මොබිටෙල් (පුද්) සමාගම ජාතික දුරකතන සේවා සපයන්නා ලෙස පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාව තුල අති සාර්ථකත්වයට පත් වූයේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 5කට ආසන්න වර්ධනයක් සමගිනි. මොබිටල් ආයතනය 2013 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතිය සහිතව එහි දුරකථන මුදල් හුවමාරු ක්‍රමය වන එම් කෑශ් සේවාව එළි දක්වන ලදී. මෙමඟින් මොබිටෙල් ග්‍රාහකයන් හට තම දුරකතනය ඔස්සේ මූල්‍ය ගණුදෙනු සිදු කිරීමට අවස්ථාව සපයා දෙයි. ග්‍රාහකයන් හට මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, බිල්පත් ගෙවීම, රක්ෂණ වාරික ගෙවීම සහ භාණ්ඩ සහ සේවා මිල දී ගැනීමේ හැකියාව ලැබේ. මාස 18ක කෙටි කාලය තුල එම් කෑශ් සෙවාව පාරිභෝගිකයන් අතරේ ඉතාම ජනප්‍රිය වී ඇති අතර මේ නිසා ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමග අත්වැල් බැඳ ගැනීමට හකියාව ලැබී තිබේ.

එම් කෑශ් මගින් දැන් ඔබට හච් දුරකතන ඔස්සේ ද මෙම සේවාවන් ලබ ගැනීමට හැකියාව තිබේ.එම් කෑශ් භාවිතයෙන් ඕනෑම එම් කෑශ් හුවමාරු ස්ථානයක් මගින් බිල්පත් ගෙවීම සහ භාණ්ඩ සහ සේවා ආදිය මිල දී ගැනීම සිදු කළ හැක.

එමෙන් ම හච් පාරිභෝගිකයන් සඳහා හච් බිල්පත් ගෙවීම, සහ ටොප් අප් කිරීම පාරිභෝගිකයා විසින් ම කල හැක. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  • #111# අමතන්න
  • ජංගම බිල්පත් / රීලෝඩ් තෝරන්න
  • හච් තෝරන්න
  • PIN අංකය ඇතුල් කරන්න
  • Hutch ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
  • මුදල ඇතුල් කරන්න
  • ගනුදෙනුව තහවුරු කරන්න

හච් පාරිභෝගිකයන් සඳහා හච් බිල්පත් ගෙවීම, සහ ටොප් අප් කිරීම එම් කෑශ් මුදල් ගණුදෙනු කරන ස්ථානයකින් කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  • #111# අමතන්න
  • ජංගම බිල්පත් / රීලෝඩ් තෝරන්න
  • හච් තෝරන්න
  • PIN අංකය ඇතුල් කරන්න
  • Hutch ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
  • මුදල ඇතුල් කරන්න
  • ගනුදෙනුකරුගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න
  • ගනුදෙනුව තහවුරු කරන්න