කටුකුරුන්ද මාණ්ඩලික තරග සාර්ථකව අවසන් වෙයි

හච් නිල දුරකතන සහකරුවා වශයෙන් කටයුතු කළ කටුකුරුන්ද මාණ්ඩලික තරග 2019 සැප්තැම්බර් 7 වැනිදා සාර්ථකව අවසන් කෙරිණි. කොළඹ මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (CMSC) හාදිවයිනේ පැරණිතම හා පිළිගත් මෝටර් රථ ක්‍රීඩා සංගමය වන මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය(SLARDAR) එක්ව සංවිධානය කළ හච් සුපර් සීරීස් තරගාවලියේ තරග අංගයක් ලෙසින් එය පැවැත්විණි.

සුපර් සීරීස් තරගාවලිය වසරක් පාසා පැවැත්වෙන ආස්වාදජනක ධාවන තරගාවලි අතුරෙන් එකක් වශයෙන් ගණන් ගැනෙන්නා සේම, සේම එය පැවැත්වෙන දිනය මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගම් දින දර්ශනයෙහි වඩාත් බලාපොරොත්තු සහගත දිනයක් වශයෙන් සැලකේ. හච් විකුණුම් හා අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි ජයග්‍රාහකයන් හට සම්මාන පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූවාය.

නිමක් නැති සබඳතාව වැඩි කිරීමට නව තාක්ෂණය පතුරමින් හච් නෙළුම් කුලුණ ආවරණය කරයි

කොළඹ අහස් කුසට විහිදුණු ගොඩනැගිලි අතර ඇදහිය නොහැකි සලකුණක් නිර්මාණය කරමින්, ශ්‍රි ලංකේය ඉතිහාසයේ නව පිටුවක් විවර කරමින් පිහිටුවන ලද නෙළුම් කුලුණ හච් නව තාක්ෂණයෙන් බල ගන්වයි. දීප ව්‍යාප්ත 4G සබඳතාව වර්ධනය කරමින් මෙම සුවිශේෂී ස්ථානයේ ඇතුළත සිට හච් සිය පාරිභෝගිකයින් වෙත රැහැන් රහිත 4G අත්දැකීමක් හා නිම නොවන සබඳතාවක් ලබා දෙයි.

කවදා කොතැන වුව, පාරිභෝගිකයින් වෙත ශක්තිමත් ජංගම දුරකතන ආවරණයක් හා රැහැන් රහිත සම්බන්ධතාවයක් ලබා දීමේ වැදගත්කම තේරුම් ගත් හච් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රි ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආවරණ ලැයිස්තුවට එක්වන නවතම ස්ථානය ලෙසින් නෙළුම් කුලුණ ඇතුළත් කර තිබේ.

නෙළුම් කුලුණේ වර්ධනය වුණු ආවරණ විසඳුම සමගින්, හච් පාරිභෝගිකයින් හට එනම්, නෙළුම් කුලුණේ අමුත්තන් ලෙසින් පැමිණෙන්නන් හෝ ස්ථිරව රැඳී සිටින කවරකුට වුවද, ගොඩනැගිල්ලේ පාදමේ සිට මුදුන දක්වා මෙන්ම, සෝපාන තුළ, නෙළුම් මලේ නාරටිය ලෙසින් දිස්වන කොටසෙහි ඇතුළත, ඉහළ මාලවල හෝ කුමන ස්ථානයක රැඳී සිටියද, වැඩි දියුණු වුණු ජංගම දුරකතන සම්බන්ධතාවයෙන් උද්දාමයට පත් වීමට හැකි වෙයි.

හච් මෙහෙයුම් හා සේවාවන් හි තත්ත්වයෙන් ක්‍රියාකාරිත්වය සහතික කරමින් හච්, බහුජාතික විදුලි සංදේශ පද්ධති සැපයුම්කරුවකු වන ZTE සමාගම මගින් සිය නවතම ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය (BTS) ව්‍යාප්ත කෙරිණි.

“නෙළුම් කුලුණ ඇතුළත සිටින හච් පාරිභෝගිකයින්හට ඉතා හොඳ ක්‍රියාකාරි දුරකතන  සම්බන්ධතාවක් අවශ්‍ය බව අපි තේරුම් ගෙන සිටිනවා. නව තාක්ෂණික උපාංග භාවිතය මගින්, අපගේ පාරිභෝගිකයින් හට ශක්තිමත් හා විශ්වාසනීය ලෙස, ඉහළම ආකාරයෙන් දුරකතන තාක්ෂණය ලබා දෙන බව අපි සහතික කර තිබෙනවා.“  හච් ශ්‍රී ලංකා ජාලයේ සාමාන්‍යාධිකාරී ධනන්ජය පොන්නම්පෙරුම සඳහන් කරයි.

උත්සවාකාරයෙන් විවෘත කෙරුණු නෙළුම් කුලුණ මීටර් 350 ක උසකින් යුතුව පිහිටන දකුණු ආසියාවේ විශාලතම කුලුණ ද වෙයි. එහි (ICT) සැලැස්ම සහතික කරන්නේ, ඩිජිටල් රූපවාහිනී, ගුවන් විදුලි ඇතුඵ විදුලි සංදේශ කාර්යයෙහි ලා තනි බෙදාහැරීම් මධ්‍යස්ථානයක් වශයෙන් නෙළුම් කුලුණ ක්‍රියා කරන බවයි. ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) එම දැක්ම සැබෑවක් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ අතර, විදුලි සංදේශ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ වෑයමෙහි කොටසක් ලෙසින් එම  ව්‍යාපෘතිය කළමණාකරණය කර තිබුණි.

 

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය හච් බල ගන්වයි

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා  ශූරතාවලිය- 2019, සඳහා හච් ප්‍රධාන අනුග්‍රහකයා ලෙස එක් වී ඇත. වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්වක් ලෙස යුද හමුදා ක්‍රීඩා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම  තරඟාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් අවසන් විය. මෙවර තරඟාවලියේ දී, ශ්‍රී  ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු 24ක්  නියෝජනය කරමින් තරුණ හා පළපුරුදු යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  800 ක් පමණ සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ. දින 3 ක් පුරා පැවති මෙම මළල ක්‍රීඩා තරඟාවලිය ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත විය. මෙම අවස්ථාව සඳහා ගරු  ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හච්  ශ්‍රී  ලංකා ප්‍රධාන  විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය සහභාගී විය.

 

යුද හමුදා රග්බි කණ්ඩායමට හච් අනුග්‍රහය

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, හචිසන් ටෙලි කොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම (Hutchison Telecommunications (Pvt) Ltd) ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගනියි.

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ශක්තිමත් කරන අතරතුර ශ්‍රි ලංකා යුද හමුදා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා  නඟා සිටුවීමේ පොදු අරමුණ ඇතිව හච් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර ගිවිසුම් ගත එකඟතාවකට එළඹිණි. විවිධ සමාජ සත්කාර්යයන් සඳහා දායක වීමට හච් නිරතුරුවම විශාල උන්නදුවක් හා කැමැත්තක් දක්වන අතර ක්‍රීඩාව යනු හච් වසර පුරාම කැප වෙන ප්‍රධාන ක්ෂේත්‍රය ද වෙයි.

ඡායාරූපයේ විස්තර-

1 හචිසන් ටෙලිකොමියුනිකේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා, ශ්‍රී ලංකා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී හා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමග එකඟතා ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.

  1. (වමේ සිට) හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ මහජන සම්බන්ධතා හා සහ- සන්නිවේදන අංශයේ කළමණාකාරිනී උදේනි රඹුක්වැල්ල,හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි,හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා,‍ශ්‍රී ලංකා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී හා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, හචිසන් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ අලෙවි සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමණාකරු රජිව් ඩේවිඩ්, ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් සමන්ත සමරසිංහ,ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ සහකාර ලේකම්, කපිතාන් චිරාන් ලේකම්ගේ

 

හච් අලෙවි විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන හච්, සිය අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන හච් Champion’s Challenge 2019 අති උත්කර්ෂවත් අන්දමින් නිමා කළේය.  මෙම උත්සවය පසුගියදා කොළඹ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හිදී පැවැත්විණ.

2019 වසරේ ඉලක්ක සම්පූර්ණ කරමින් ක්ෂේත්‍ර අළෙවි දක්ෂතා දැක්වූ නියෝජිත අලෙවි කණ්ඩායම් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා 700 කට අධික හච් කාර්ය මණ්ඩලය සහ දිවයින පුරා අලෙවි නියෝජිතයින් සහ ඔවුන්ගේ සේවකයින් එක්ව සිටියහ. තවද හච් සහ එටිසලාට් ඒකාබද්ධ වීමෙන් පසුව ආයතන ද්විත්වයේම අළෙවි නියෝජිතයන් සහභාගී වූ ප්‍රථම ඇගයුම් වැඩසටහනද මෙය වීම සුවිශේෂී වේ.

මෙම ඇගයුම සඳහා දිවයිනේ සියලුම කලාපයන් ආවරණය වන අයුරින් මුල්‍ය වර්ෂයේ සෑම කර්තුවකටම අදාළව හොඳම දක්ෂතා දැක්වූවන් තෝරා ගන්නා ලදී . ඒ අනුව හොඳම අළෙවි නියෝජිතයාට හිමි සම්මානය කුරුණෑගල ICA කමියුනිකේෂන්හි ටී.එල්.අයි.ඩී. මධුශංක විසින් දිනාගත් අතර ඒ වෙනුවෙන් ඔහුට යමහා යතුරු පැදියක් හච් විසින් පිරිනැමිණ.  මෙම අංශයේම අනුශූරතාවය මාතර Unitel Lanka හි ටී. ප්‍රසාද් ජයසේකර විසින් දිනාගත් අතර පිළිවෙලින් කුරුණෑගල ICA කමියුනිකේෂන්හි පී.ඩී.එන් අබේරත්න, පී.ජි.වයි එම් රණසිංහ සහ එච්. එම් සෙනෙවිරත්න තෙවන, සිව්වන හා පස්වන ස්ථාන  දිනාගත්හ. තවද සමස්ථ කාර්යසාධනය නියෝජනය කරමින් විශිෂ්ටතම අළෙවි නියෝජිතයාට හිමි සම්මානය කුරුණෑගල ICA කමියුනිකේෂන්හි එච්. එම් සෙනෙවිරත්න විසින් දිනා ගත්හ.

මේ වන විටත් හච් හි ජාල ව්‍යාප්තිය  පුළුල් ලෙස ක්‍රියාත්මක  වෙමින් පවතින අතර ඒකාබද්ධ සේවාවන් මඟින් අළෙවිකරුවන්ට රට පුරා පුළුල් පරාසයක් තුල සිය සේවා ව්‍යාප්ත  කිරීමට අවස්ථාව උදා වනු ඇත. මෙම අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින්, හච් ශ්‍රී  ලංකා සමාගමේ විකුණුම් අංශයේ සාමාන්‍යාධිකාරි  මනෝජ් කුමාර් මෝසස් මහතා ප්‍රකාශ  කළේ ” හච් විසින් අනුගමනය කළ සාර්ථක ඒකාබද්ධ ප්‍රවේශය  සිය විකුණුම් කණ්ඩායම් සඳහා ඉදිරියේදී තව දුරටත් අභියෝගයන් ඇති කරනු ඇති බවයි. එම නිසාම මෙම වසරේ Champions Challenge ඉතා වැදගත් සහ සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවත්සිය පාරිභෝගිකයින්ට උසස් ගුණාත්මක සේවාවක් ලබා දීම  සඳහා සිය අළෙවි ජාලයේ කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩව පවතිනු ඇති බවටත්  හෙතෙම විශ්වාස කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් 2019 සඳහා හච් සවිබලය

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම දුරකථන සබඳතා සහකරුවන හච්, කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් 2019 සඳහා ප්‍රධාන අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳ ගත්තේය. එම තරගාවලිය අගෝස්තු මස 4 වනදා කුඩා ඔය ධාවන පථයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය (SLARDAR) සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන් දෙපිරිසට ම විවෘත වේ.

 

හච් සන්නාම තානාපති ලෙස ධාවන ශූර කුෂාන් පීරිස් පත්වෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සහකරුවන හච්, සිය සන්නාම තානාපති ලෙස තරුණ මෝටර් රථ ධාවන ශූර කුෂාන් පීරිස් පත්කර ඇත. මෙරට දැවැන්ත ම මෝටර් රථ ධාවන තරගාවලියවන “හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019” සඳහා හච් සමාගම අනුග්‍රාහකත්වය ලබාදෙයි. මෙවර තරගාවලියේදී කුෂාන් පීරිස් වේගවත් ධාවන ඉසව්වක් වන SLGT කාණ්ඩය යටතේ තරග වදින අතර, ධාවන ශූරයන් රැසක් ශූරතාවලිය සඳහා උරෙනුර ගැටෙන තරගකාරිත්වයෙන් අනූන ක්‍රීඩා ඉසව්වක් බවට මෙරට තරගාවලිය ද පත්වනු ඇත. හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් සන්නාම තානාපති කුෂාන් පීරිස් හච් සුපර් සීරීස් 2019 තරගාවලියට අදාළ අනුග්‍රාහක ගිවිසුම හුවමාරු කිරීමේ අවස්ථාව ඉහත ඡායාරූපයේ දැක්වේ.

 

4G ජාලය මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාප්ත කිරීම සංකේතවත් කරමින් මයිකල්-අන්තෝනි මහා තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය  හච් වෙතින්

සිය සේවා ජාලය නැගෙනහිර පළාත තුළ වඩාත් පුළුල් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සන්නිවේදන දුරකථන ජාලය-හච් (HUTCH) ත්‍රිකුණාමලයේ ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මඩකලපුව මයිකල් විද්‍යාලය අතර පවත්වන වා¾Isl මහා ක්‍රිකට්  තරගාවලිය සඳහා  මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයා  ඇත. මෙම මහා ක්‍රීඩා තරගාවලිය මඩකලපුවේ කල්ලඩි උප්පොඩායී හි ශිවනන්ද ක්‍රීඩාx.Kයේදී පැවැත්විණි.  4G ජාලය  ඔස්සේ  වඩා වේගවත් සහ පුළුල් සේවාවක් සපයමින් හච් (HUTCH) සමාගම මඩකලපුව ප්‍රදේශය මූලික කරමින් සිය සේවා කටයුතු නැගෙනහිර පළාත තුළ ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත.

 

හච් මධ්‍යස්ථානය නවීනත ම තාක්ෂණයෙන් යාවත්කාලීන කෙරේ

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම විදුලි සංදේශන සහකරුවන හච්, වල්පොල පිහිටි සිය මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් පූර්ණ නවීකරණයට ලක් කරමින් වෙළඳපල ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කර ගනී.

 තාක්ෂණික නවෝත්පාදනය සඳහා තමන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් හච් සමාගම දිවයින පුරා 4G ආවරණය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ අදියර දෙකක් ලෙස මෑතකදී බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල 4G ජාලය දියත් කිරීමට කටයුතු කළේය. මෙහි තවත් පියවරක් ලෙස, මූලික ජාලය මත පදනම් වූ මෙරට ප්‍රථම පරිපූර්ණ NFV (Network Function Virtualization) තාක්ෂණයෙන් සිය මධ්‍යස්ථානය සවිබල ගැන්වීමට ද එම සමාගම කටයුතු කළේය. එම තාක්ෂණය හරහා, සම්ප්‍රදායික දෘඩාංග මත පදනම් වූ පද්ධති වෙනුවට විදුලි සංදේශන සේවා සඳහා වඩාත් පොදු තොරතුරු තාක්ෂණ සර්වරයකට යොමු වීම සඳහා මෙහෙයුම්කරුවන්ට අවස්ථාව හිමි වේ. මෙම නව තාක්ෂණය හරහා, විදුලි සංදේශන යෙදවුම් සඳහා ම විශේෂයෙන් සකස් කරන ලද සියලු විශේෂඥ පද්ධති ඕනෑම සම්මත තොරතුරු තාක්ෂණ සර්වරයක් මත ක්‍රියාත්මක වේ. ඒ අනුව අඩු ප්‍රාග්ධනයකින් නම්‍යශීලි සහ කඩිනම් යාවත්කාලීන කිරීම් සිදු කර ගැනීමට එමගින් අවස්ථාව උදා වේ.

 ඊට අමතරව හච් සමාගම, පසු ගෙවුම් සහ පෙර ගෙවුම් බිල්පත් පද්ධති එකම පදනමක් මත ක්‍රියාත්මක කළ හැකි ලොව භාවිත කෙරෙන නවීනත ම ඒකාබද්ධ බිල්පත් පද්ධති (CvBS) තාක්ෂණය ද දියත් කරයි. ඒ අනුව සිය අවශ්‍යතාවට ඔබින පරිදි ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට සුවිශේෂී පැකේජ ලබාදීමට අවශ්‍ය නම්‍යශීලි බව මෙහෙයුම් ක්‍රියාවලියට හිමි වේ.

 ශ්‍රී ලංකාවේ උසස් ම තාක්ෂණයෙන් යුතු මූලික ජාල සහ ඒකාබද්ධ බිල්පත් පද්ධති හඳුන්වා දීම හරහා මෙරට පාරිභෝගික ජනතාවට නවීන තාක්ෂණයෙන් යුතු විශිෂ්ට සේවාවක් පිරිනැමීමට හච් සමාගම දක්වන කැපවීම් තවදුරටත් පිළිබිඹු වනවා. සමස්ත ශ්‍රී ලාංකිකයන් හට දැරිය හැකි මිලකට 4G තාක්ෂණය ලබාදීම සඳහා අප දියත් කර ඇති ව්‍යාපෘතියට සමගාමීව මෙම තාක්ෂණික යාවත්කාලීන කිරීම සිදු කෙරෙනවා. හච් සන්නාමය යටතේ එටිසලාට් ජාලය ඒකාබද්ධ කිරීමත් සමග තරගකාරී සහ අසමසම 2G/3G සේවා ලබාදීමට අපට හැකි වී තිබෙනවා” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.

HUTCHBID2WIN ජයග්‍රාහකයින් වෙත Honda Scooty මෝටර් සයිකල් පිරිනැමෙයි

2019 අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වූ HUTCHBID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයින් වන කුරුණෑගල පදිංචි තුෂි කුමාර් සහ දෙමටගොඩ පදිංචි මොහොමඩ් තුවාන් යන මහත්ම මහත්මීන් වෙත එම ජයග්‍රහණයට හිමි Honda Scooty මෝටර් සයිකල් පසුගියදා ප්‍රදානය කෙරිණ. ශ්‍රී ලංකාවේ විශාලතම SMS ක්‍රීඩා සේවාව වන HUTCHBID2WINයටතේ එක් කාලසීමාවක් තුළ වෙන් කරන ලද ත්‍යාගයයක අවම වටිනාකම නම් කිරීමට ඕනෑම දුරකථන ජාලයක පාරිභෝගිකයෙකුට අවස්ථාව පිරි නැමිණ. එහිදී අවම වටිනාකම සහිත අවම මිලක් ත්‍යාග්‍යය සඳහා නම් කරන තැනැත්තා ජයග්‍රාහකයා බවට පත්වන අතර ඔහුට එම ත්‍යාගය දිනාගැනීමට අවස්ථාව හිමිවෙයි. BID2WIN ක්‍රීඩා ‍සේවාව විසින් අඛණ්ඩවවසර 3ක් මෙම තරඟාවලිය පැවැත්වූ අතර මෝටර් රථ,මෝටර් බයිසිකල්, ලැප්ටොප්ථ ස්මාර්ට්ෆෝන් ආදී වශයෙන් රුපියල් මිලියන 20 කට වඩා වැඩි වටිනාකමින් යතු තෑගි පෙළක් පිරිනමා තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන zMessenger විසින් බලගන්වයි.