හච් ආදරවන්තයින්ගේ දිනය සමරයි

හච් ශ්‍රී ලංකා සමාගම ආදරවන්තයන් වෙනුවෙන් ආදරවන්තයන්ගේ දිනය සැමරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කළේය.හච් ඇමතුම් පැකේජ සක්‍රීය කරගත් පාරිභෝගිකයන් හට තම ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග පීසා හට් වෙතින් අපූරු රාත්‍රී භෝජන සංග්‍රහයක් රසවිඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවිය.මෙම අවුරුදු සමයේදී හච් පැකේජ ලබාගත් නව පාරිභෝගිකයන් හට මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වීමට හැකිවිය. ඒ සඳහා පාරිභෝගිකයන් කළ යුතු යුතු වූයේ ඇමතුම් පැකේජයක් සක්‍රීය කර ගැනීම පමණි.දැනටමත් හච් සබඳතාව භාවිත කරන පාරිභෝගිකයන්ට මෙන්ම එම කාලය තුළ හච් සමග සම්බන්ධ වූ නව පාරිභෝගිකයන්ට ද මෙම නවත ම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇමතුම් පැකේජයක් සක්‍රිය කර ගනිමින් රු. 2,500ක් වටිනා පීසා හට් වවුචරයක් දිනා ගැනීමට ඔවුන්ට හැකිවිය.සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වලට අනුකූල සේවාවක් පිරිනමන සන්නාමයක් ලෙස හච්, මෙම කාලය පුරා ආදරණීයයන් සමග ඇමතුම් ලබාගැනීමේදී පාරිභෝගිකයන් හට වට්ටම් ලබාදීමට ද කටයුතු කළේය.මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ අදහස් පළ කරමින් හච් සමාගමේ අලෙවි ප්‍රධානී හම්ඩි හසන් මහතා සඳහන් කළේ, ජංගම දුරකථනය සබඳතා පවත්වා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වන බවත් නිරන්තරයෙන් පාරිභෝගිකයන් හට දීමනා සහ ප්‍රතිලාභ හිමිකර දෙන සන්නාමයක් ලෙස හච් මෙවර ආදරවන්තයින්ගේ දිනය අමතක නොවන දිනයක් බවට පත්කිරීමට කටයුතු කළ බවත්ය.“මට ඉතාම සතුටුයි. මට යමක් ජයග්‍රහණය කිරීමට හැකිවුණු පළමු වතාව මෙයයි. මේ අපූරු ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාට මා ස්තුතිවන්ත වනවා” එක් ජයග්‍රාහකයෙකු වූ ජනක ජයන්ත සිය සතුට ප්‍රකාශ කළේය.තවත් වවුචරයක් හිමිකර ගත් රුවන් තුෂාර දිසානායක සඳහන් කළේ, තමන් වසර දහයකට අධික කාලයක පටන් හච් සබඳතාව භාවිත කරන බවය. “මේ තරම් අපූරු ත්‍යාගයක් හිමිකර ගැනීමට හැකිවේ යයි මම කවදාවත් හිතුවේ නෑ. හච් සේවාව ඉතාම විශිෂ්ට මට්ටමක පවතින නිසා ඉදිරියේදීත් හච් සමග රැඳෙනවා”සියලු පුරවැසියන් එකිනෙකා සමග සම්බන්ධ කිරීමේ සහ ඔවුන් වෙනුවෙන් අසමසම ජංගම දුරකථන සබඳතා විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව හච් ශ්‍රී ලංකා සමාගම දිවයින පුරා 4G සබඳතාව ව්‍යාප්ත කරමින් සිය සබඳතා ජාලය තවදුරටත් පුළුල් කරමින් සිටී.කේ.ඩබ්.ඒ. සවිනු ජයතිලක, ඩබ්.ටී. ප්‍රදීප් ධර්මසිරි, රුවන් තුෂාර, ෂෙහාරා සුමුදු, චමිල චතුරංග, ජනක ජයන්ත, කේ.ඩී. තිලකා රත්න, සඳුනි ප්‍රනාන්දු, කේ. එරන්දිකා මදුමාලි, අයි.බී. ලක්මාල් පුෂ්පකුමාර, නදීෂා රුවන්ති හෑගොඩගමගේ, ඒ.එල්. රුසේන් මොහොමඩ්, ඩී.එම්. නයන මංජුල දුනුකර, කේ.එම්. මධුෂ් කසුන්තක දිල්ශාන්, ඩබ්.පී.ඩී. ප්‍රනාන්දු, ටී. සංජීව සමන් කුමාර සහ කේ.ජී.ඒ. නිසංසලා සංජීවනී ඇතුළු පිරිසකට මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජයග්‍රහණය කිරීමට හැකිවිය.

හච් සහ ආයෝජන මණ්ඩලය අතර ඩොලර් මිලියන 115ක ආයෝජනයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගම සමග පෙබරවාරි මස 11 වනදා කොළඹ ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පරිපූරක ගිවිසුමකට එළඹියේය.

හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගම දශක දෙකකට අධික කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර එය ෆෝචූන් 500 සමාගමක් වන හොං කොං හි C K හචිසන් සමාගමේ අනු සමාගමකි.

වමේ සිට දකුණට: හච් සමාගමේ නීති අංශයේ ප්‍රධානී ශාමිනී ජයසූරිය, එම සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු, එම සමාගමේ මුල්‍ය සහ මෙහෙයුම් උපදේශක බන්ධුනාත් ද අල්විස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ සහ ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාමා හේරත් යන මහත්ම මහත්මීහු මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වූහ.

යුදහමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අඛණ්ඩව දෙවන වරටත් හච් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම දුරකථන සබඳතා සහකරු වන හච්, අඛණ්ඩව දෙවන වරටත් 55 වන යුදහමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම ශූරතාවලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගී වූයේය.

දින තුනක් පුරා පැවති මෙම ශූරතාවලිය සඳහා යුදහමුදාවේ රෙජිමේන්තු මූලස්ථාන 24 නියෝජනය කරමින් තරගකරුවෝ 900 කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදුණහ. මෙහිදී නව ජාතික වාර්තා 2ක්, නව ඉසව් වාර්තා 12ක් සහ යුදහමුදා මලල ක්‍රීඩා ශුරතාවලි 4ක් බිහිවීම විශේෂත්වයකි. ජාත්‍යන්තර තරග බිමේදී පදක්කම් හිමිකර ගනිමින් මෙරටට කීර්තියක් ගෙන එන ලද ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20කට අධික පිරිසක් ද තරග නැරඹීම සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සංවිධානය කරන තරගාවලි ඇතුළු මෙරට කීර්තිමත් ක්‍රීඩා ඉසව් රැසක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් හච් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. යුදහමුදා වාර්ෂික මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අඛණ්ඩව දෙවන වරටත් අනුග්‍රාහකත්වය ලබාදෙමින් හච් සමාගම මෙරට කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ජාතික තලයට ගෙන ඒම සඳහා දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වෙයි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පිරිමි සමස්ත ශූරතාව හිමිකර ගත් අතර ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව දෙවන ස්ථානයත්, ගැමුණු සේවා බලකාය තෙවන ස්ථානයත් හිමිකර ගත්හ. 4 වන ශ්‍රී ලංකා යුදහමුදා ස්වේච්ඡා කාන්තා බලකාය මෙවර ද කාන්තා ශූරතාව දිනාගත්හ. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිය හොඳම දක්ෂතා සහ ඉසව් වාර්තා පිහිටුවීමට සමත් වූ අතර ඒ අතරින් පිරිමි මී 200X4 සහය දිවීමේ (1:24.03) සහ පිරිමි මී 800X4 සහය දිවීමේ (7:27.17) ඉසව් කැපී පෙනුණි. එම ඉසව් දෙකෙහි ම ජය හිමිවූයේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම් වලටය.

“ඉතිහාසය පුරාම ශ්‍රී ලංකා යුද හමුදාව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර තිබෙනවා. දක්ෂ ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහයෝගය ලබාදීම සඳහා අප දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින්, ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා ඉසව් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳ අප ආඩම්බර වනවා” යනුවෙන් හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.

CK Hutchison සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි

2018 අප්‍රේල් මස 26 වනදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වන දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවිකර ඇත.මේ අනුව CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85% ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර එටිසලාට් සමූහයට එහි 15% ක කොටස් හිමිකාරීත්වය හිමිවනු ඇත.

###

 වැඩිදුර විස්තර සඳහා කරුණාකර සම්බන්ධවන්න:
CK Hutchison Holdings Limited
හෑන්ස්ලියොං
දුරකථන: +852 2128 1370
ඉ-මේල්:hansl@ckh.com.hk

Hutch 4G දියත් කරයි

Hutch සන්නාමය යටතේ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන මෙරට ප්‍රමුඛතම සමාගමක් වන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා (පුද්ගලික) සමාගම දිවයින පුරා 4G සේවා දියත් කරයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙරට 4G සේවා ක්‍රියාත්මක කිරීම සඳහා වන පූර්ණ අනුමැතිය Hutch වෙත පිරිනමා තිබේ.

Hutch, 2018 වර්ෂයෙ මැද භාගයේ සිට මෙරට 4G මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් කර තිබේ. Hutch ආයතනයේ මව් සමාගම වන CKH Holdings විසින් 2012 වසරේ දියත් කළ ඉතාමත් සාර්ථක 3G මෙහෙයුමේ ප්‍රථිපලයක් ලෙස මෙම දැවැන්ත 4G ආයෝජනය ඔවුන් විසින් අනුමත කර ඇත.

මෙරට 4G සේවා ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ස්තුතිය පිරිනමන බව Hutch සඳහන් කරයි. ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වන රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සේවා ව්‍යාප්තිය ඔස්සේ සහය දැක්වීමට අපේක්ෂිතය.

පහසු මිලගණන් යටතේ සිය පාරිභෝගිකයින් වෙත උසස් මට්ටමේ 4G සේවාවක් සැපයීමේ අරමුණින් සිය මෙහෙයුම් ඉදිරියට ක්‍රියාත්මක කරන බව Hutch සදහන් කරයි.

හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා (පුද්ගලික) සමාගම Hutch සන්නාමය යටතේ සේවා සපයන මෙරට ජංගම දුරකතන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. Hutch සමාගම මේ වන දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පහසු මිලකට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම් සපයයි. හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා (පුද්ගලික) සමාගම ලොව ප්‍රමුඛතම සමාගම් 500 අතර සිටින, හොංකොං හි පිහිටි CK Hutchison Holdings Limited (CKH) හි විදුලි සංදේශ සමාගම වන හචිසන් ආසියා ටෙලිකොම් හි සාමාජික සමාගමකි,

Hutch අලෙවි දක්ෂතා දැක්වූ අලෙවි කණ්ඩායම් ඇගයීමට ලක්වෙයි

පුවත බාගත කරගන්න

Hutch  අලෙවි  දක්ෂතා  දැක්වූ  අලෙවිකරුවන් ඇගයීම සඳහා වන ‘Hutch Champion’s Challenge’ පසුගියදා කොළඹ රත්මලාන ස්ටෙයින්  ස්ටුඩියෝ හිදී  පැවැත්විණ. 500 කට අධික Hutch සේවක මඩුල්ල සහ දිවයින පුරා සිටින අලෙවි සහකරුවන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. හචිසන් ආසියා ටෙලිකොමියුනිකේෂන්ස් සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඈන් චෙන් මෙනවිය , හචිසන් ආසියා ටෙලිකොමියුනිකේෂන්ස් සමාගමේ කලාපීය මූල්‍ය පාලිකා අනීටා වොන්ග් මෙනවිය,  Hutch Sri Lanka හි  ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර්  නඩරාසා ඇතුළු Hutch කළමණාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ.

ක්ෂේත්‍රයේ  අලෙවි දක්ෂතා දැක්වූ අලෙවි කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින් මෙහිදී විශේෂ අංශ කිහිපයක් යටතේ ඇගයීමට ලක්විය.එමෙන්ම අලෙවි ක්ෂේත්‍රෙය් ඉදිරි අභියෝග ජයගැනීම  සහ නව අවස්ථා විවරකර ගැනීම ආදී කරුණු රැසක් පිළිබඳව ද මෙම අවස්ථාවේදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවිය.

Hutch වෙතින් තවත් අද්විතීය නවතම සේවාවක් – ‘On Screen Buddy’

අන්තර්ජාලයේ සැරිසරන අතරතුරදීම ගිණුමේ ශේෂය පරික්ෂා කිරීම සහ අමතර ඩේටා පැක්ස් ක්‍රියාත්මක කර ගැනීමේ පහසුකම්

පුවත බාගත කරගන්න

මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන බ්‍රෝඩ්බෑන්ඩ් විදුලි සංදේශ සමාගමක් වන Hutch විසින් ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ‘On Screen Buddy’ නමින් නවතම සේවාවක් හඳුන්වා දෙයි.

වර්තමානයේ ජංගම දුරකථන භාවිත කරන්නන් අන්තර්ජාලය පරිහරණයේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ අන්තර් ජාලය පරිහරණය කරන අතරතුරදී ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම සහ අමතර ඩේටා පැක්ස් ලබාගැනීම සඳහා පවතින අපහසුතාවයයි. මීට පෙර මෙම අපහසුතාව මඟහරවා ගැනීමට කෙටි යෙදුම් මතක තබා ගැනීමට හෝ සෙල්ෆ් කෙයාර් ඇප්ස් (self-care apps) පහසුකම් භාවිත කිරීමට සිදුවිය.

මෙම ගැටළුවට විසදුමක් ලෙස Hutch විසින් හඳුන්වා දුන් නවතම සේවාව වන ‘On Screen Buddy’ සේවාව යටතේ අන්තර්ජාලයේ සැරිසරන අතරතුරදීම ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම සහ අමතර ඩේටා පැක්ස් ලබාගැනීමේ පහසුකම හිමිවෙයි. මෙහිදී ස්මාර්ට්ෆෝන් තිරයේ කෙළවරක දිස්වන කුඩා පරිමාණයේ  Hutch සළකුණ  ටැප් කිරීම මඟින් ගිණුම් ශේෂය දැනගැනීම සහ අවශ්‍ය නම් අමතර ඩේටා පැක්ස් ලබාගැනීමට හැක. මෙහිදී විවෘත කර ඇති අන්තර්ජාල පිටු වලින් ඉවත් නොවී ගිණුම් ශේෂය දැනගැනීමටත්  අමතර ඩේටා පැක්ස් සක්‍රිය කර ගැනීමටත් හැකියාව ලැබේ .

මෙම නවතම සේවාව මඟින් පාරිභෝගිකයා අන්තර්ජාලයේ සැරිසරමින් සිටියදී ඩේටා අවසන් වීම නිසා ඇති වන ගැටළු මඟහරවා ගැනීමට අවස්ථාව සැලසෙයි.

මෙම සේවාව පිළිබඳව අදහස් දැක්වූ Hutch ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ  බාධාවකින් තොරව සේවා පරිහරණය කිරීම   සඳහා සිය පාරිභෝගිකයින් වෙත පහසුකම් සැලසීමේ පියවරක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවයි. සිය පාරිභෝගිකයා වෙත තිලිණ කෙරෙන නවතම සේවාව වන  ‘On Screen Buddy’සේවාව  පාරිභෝගිකයින් පීඩාවට පත්වන අවස්ථා සොයා බලා ඊට විසඳුම් ඉදිරිපත් කිරීමේ Hutch උත්සාහයේ ප්‍රතිඵලයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන මෙම සේවාව අවශ්‍ය අවස්ථාවක ක්‍රියාත්මක කර ගැනීම සඳහා තාවකාලිකව තිරයේ දිස් නොවන ආකාරයට සකසා ගත හැකි අතර එලෙස අවශ්‍ය නොවන්නේ නම් ස්ථිර ලෙසම  ක්‍රියා විරහිත කර තැබීමේ  පහසුකම් වලින්ද යුක්ත වෙයි.

ලංකාවේ පළමු වතාවට නිවසටම සිම් එකක් ගෙන්වා ගැනීමේ සේවාව Hutch විසින් හඳුන්වා දෙයි

ඔන්ලයින් ඇණවුම් කර  ක්ෂණිකව ගෙන්වා ගැනීමේ පහසුකම්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන විදුලි සංදේශ සේවා  ජාලය වන HUTCH ශ්‍රී ලංකාවේ මුල් වරට නොමිලේ සිම්පත් නිවසටම ගෙනවිත් දීමේ සේවාවක් අරඹයි. පාරිභෝගිකයින් වෙත  ඉතා හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා මෙම නව සේවාව දියත් කර තිබේ.

HUTCH Online SIM Order and Delivery නමින් හඳුන්වන මෙම සේවාව යටතේ අන්තර්ජාලය ඔස්සේ ඉතා සරල ක්‍රමවේදයක් මඟින් ලියාපදිංචි වන පාරිභෝගිකයින් වෙත නොමිලේ HUTCH සිම්පත් සපයනු ලබයි.

වත්මන්  සමාජයේ   බොහෝ දෙනා ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අතර සිය බොහෝ  දෛනික අවශ්‍යතා ලැප්ටොප් හෝ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ  ඉටුකරගැනීමට  හුරුවී සිටියි. මෙම තත්වය මැනවින් වටහාගනිමින් HUTCH විසින් මෙම නව සේවාව දියත් කර ඇති අතර එමඟින් නව සිම්පතක් ලබාගැනීම සඳහා HUTCH අලෙවි නියෝජිතයෙකු වෙත යාම  වෙනුවට HUTCH සිම්පත තමන් වෙත ගෙන්වා ගැනීමේ පහසුව සැලසෙයි.

මෙම නව සේවාව හඳුන්වා දීමේදී සැපයෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස මෙලෙස ලබාගන්නා සිම්පත්  පාරිභෝගිකයා අතට කිරීමේදී එම ස්ථානයේදීම ක්‍රියාත්මක සිම්පත් බවට පත් කෙරේ. මේ නිසා මෙම සිම්පත අතට ගත් සැනින් භාවිත කිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට උදාවෙයි.

ආරම්භක පියවරේදී මෙම සේවාව කොළඹ, ගම්පහ,කුරුණෑගල, කළුතර සහ මහනුවර  යන දිස්ත්‍රික්ක වල පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී දිවයිනේ සියලු ප්‍රදේශ වෙත මෙම සේවාව ව්‍යාප්ත කිරීමට HUTCH අපේක්ෂා කරයි.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ HUTCH ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ප්‍රකාශ කළේ සිය පාරිභෝගිකයා වෙත  පහසුකම් සැලසීමේ ක්‍රියාවලියේ එක් අදියරක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. ඩිජිටල් ජීවන රටාවකට හුරුව සිටින පාරිභෝගිකයාගේ සැබෑ තත්වය මැනවින් වටහා ගනිමින්  මෙම නව සේවාව දියත් කළ බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සේවාව හඳුන්වා දීමේ අවස්ථාව වන විට නව සිම්පත්  ලබාගන්නන් රැසක් මෙම සේවාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වූ බවද ඒ මහතා සඳහන් කලේය. ඉදිරියේදී මෙම නව  Online SIM Order and Delivery සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත්, නුදුරේදීම  HUTCH සිම්පත් ලබාගැනීමේ පහසුම හා වාසිදායක ක්‍රමවේදය බවට  මෙම සේවාව පත්වනු ඇති බවටද තිරුකුමාර් නඩරාසා මහතා විශ්වාසය පළ කළේය.

Hutch අලෙවියේ දක්ෂතා දැක්වූවන් Hutch Champion’s Challenge හිදී සම්මාන ලබයි.

පුවත බාගත කරගන්න

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන  Hutch  සිය සමාගමේ අලෙවිකරණයේදී ඉහළ දක්ෂතා දැක්වූන් ඇගයීමට ලක්කරයි. මේ සඳහා පැවැත්වූ  Hutch Champion’s Challenge 2015 /16  ඇගයුම් උළෙල මෑතකදී  කොළඹදී පැවැත්විණ. මෙම උත්සවය සදහා හචිසන්  ආසියා ටෙලිකොම් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඈන් චෙන් සහ Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ද එක්ව සිටියහ.මෙම අවස්ථාව සඳහා  500 කට අධික Hutch අලෙවි නිලධාරීන් පිරිසක් සහ  ‍දිවයින පුරා Hutch බෙදාහැරීම් ජාලයට සම්බන්ධ විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාව අමතමින් Hutch  ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ සමස්ත සමාගමේ අලෙවිය පිළිබඳ සලකා බලන කල 3G ඩේටා අලෙවිය මෑත කාලීනව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ සදහා කෂේත්‍රෙය් සිට කටයුතු කළ  අලෙවි කණ්ඩායමේ සහයෝගය අමතක කළ නොහැකි බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

හචිසන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්ගලික )සමාගම  ශ්‍රී ලංකාවේ  ජංගම විදුලි සංදේශ සේවා සපයන ප්‍රමුඛතම සමාගමකි.මෙම සමාගම ශ්‍රී ලංකාව තුළ Hutch යන නාමයෙන්  දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් දිවයින පුරා ක්‍රියාත්මක සේවාවක් සපයයි. අඩු වියදම් 3G මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් විසඳුම් හදුන්වාදෙමින්  මෙම සමාගම කටයුතු කරයි. හචිසන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම  ලොව ප්‍රමුඛ සමාගම් 500 කගෙන් පමණ සැදුම්ලත්  හචිසන් වාම්පෝ සමාගම් සමූහයේ (“WHL”) කොටස්කාර සමාගමකි. WHL හි විදුලි සංදේශ අංශය   ලොව ප්‍රධාන රටවල් ගණනාවක ප්‍රමුඛ 3G සැපයුම්කරු වෙයි.එක්සත් රාජධානිය, ඉතාලිය , ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, සහ ස්වීඩනය මෙන්ම ඕස්ට්‍රේලියාව සහ  හොකොං, මචාවූ ,වියෙට්නාමය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත්ව ආසියානු රටවලද ජනප්‍රිය 3G සැපයුම්කරු වෙයි. ලෝ ප්‍රකට “3“  සන්නාමය යටතේ රටවල්  බොහොමයක WHL හි විදුලි සංදේශ අංශය ක්‍රියාත්මක වෙයි.

Hutch Champions Challenge

ඕනෑම ජාලයකට “එකම ගාස්තුවක්“

පුවත බාගත කරගන්න

 

Hutch ප්‍රධාන විධායක නිලධාරි වරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ නව  සම ගාස්තු ක්‍රමවේදය අගය කරයි

ජාලයෙන් පිටත ලබාගන්නා ඇමතුම් සඳහා අමතර ගාස්තු අය නොවේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම  විසින් 2016 පෙබරවාරි 01 වනදා සිට  දුරකථන  සේවා සඳහා නව සම ගාස්තු ක්‍රමයක්  ස්ථාපිත කර තිබේ.

පවතින  ද්විත්ව ගාස්තු ක්‍රමය අනුව පාරිභෝගිකයින් පිටත ජාලයක් වෙත ඇමතීමේදී  ජාලය තුළ ලබාගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව මෙන් දෙගුණයක් අය කෙරේ. තවද මෙම අමතර ගාස්තු අයකිරීම් නිසා තම පවුලේ සාමාජිකයින් හෝ හිතවතුන් ඇමතීමේදී වෙනත් ජාල සඳහා වැඩි ගාස්තුවක් ගෙවීමට සිදුවේ. මෙලෙස වෙනත් දුරකථන සේවා  වෙත ඇමතීමේදී  පාරිභෝගිකයින් මුහුණ  දෙන  අසීරුතාව මඟහරවාලීම සඳහා  මෙම නව ස්ථාවර ගාස්තු ක්‍රමය හඳුන්වා දී ඇත.

මෙම ක්‍රමය යටතේ  ඕනෑම ජාලයකින් ඕනෑම ජාලයක් වෙත ඇමතුම් ලබාගැනීමේදී  සමාන ගාස්තුවක් අය  කෙරෙන අතර පාරිභෝගිකයාට ජාලයෙටන් පිටත ඇමතුම් ගාස්තු පිළිබඳව තැකීමක් නොකර තමන් කැමති දුරකථන සේවාවක  සහය ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

විදුලි සංදේශ නියාමන කොමිසම විසින් හඳුන්වාදුන් මෙම නව සම ගාස්තු ක්‍රමවේදය පිළිබඳ අදහස් දක්වන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා  මහතා පෙන්වා දෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ  උත්සාහයට Hutch පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.මෙම නව සම ගාස්තු ක්‍රමය නිසා පාරිභෝගිකයින්ට නිදහසේ තමන් කැමති ජංගම දුරකථන සේවාවක් භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ජංගම දුරකථන සේවා සපයන සමාගම් වලටද පාරිභෝගිකයින් වෙනුවෙන් උපරිම සේවාවක් සැපයීමට අවස්ථාව හිමිවන බවත් ය.

මෙම නව සම ගාස්තු ක්‍රමය දැනට භාවිත වෙන ජංගම දුරකථන අංක  සඳහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක  නොවන අතර පාරිභෝගිකයා ගේ කැමැත්ත පරිදි ස්ථාවර ගාස්තු ක්‍රමයට මාරුවිය හැක. විදුලි සංදේශ නියාමන කොමිසම මගින්  දැනට පවතින දුරකථන සබඳතා නව ඇමතුම් ගාස්තු ක්‍රමයට හැරවීමට අදාල ක්‍රියාවලිය පරීක්ෂා කරමින් පවතියි.තම පාරිභෝගිකයින් වෙත සහන සැලසීමේදී  නිරතුරුවම ප්‍රමුඛස්ථානයක් ගන්නා Hutch මනා විනිවිදභාවයකින් යුතුව නව සම ගාස්තු ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව තත්පරයකට ශත 3ක මුදලක් පමණක් අය කෙරෙනු ඇති මෙම නව ක්‍රමය අනුව මෙම මුදල Hutch ජාලය තුළ මෙන්ම Hutch ජාලයෙන් පිටත ලබාගන්න ඇමතුම් සඳහා ද වලංගු වෙයි.

65% කට වඩා වැඩි පාරිභෝගිකයින් ප්‍රමාණයක් මිනිත්තුවට වඩා අඩු කථා කාලයක්සහිත ඇමතුම් ලබාගන්නා අතර ඔවුන්ට මෙම තත්පරයට අයකරන නව ගාස්තු ක්‍රමය මගින් සුවිශේෂි වාසියක් Hutch ජාලය වෙතින් ලබාගත හැක.

උසස් තත්වයේ 3G සේවා සැපයුම් කරු වශයෙන් කීර්තිමත් නාමය දිනා සිටින Hutch,මෙම නව පියවරත් සමඟ තම පාරිභෝගිකයින්ට වටිනා  ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත්වන බව ද  එහි ප්‍රධාන විධායක නිලධාරි වරයා  වැඩිදුරටත් සඳහන් කරයි.

A4 Sticker ST