Hutch මගින් දැන් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලයක් වන Hutch, මොබිටෙල් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වී  Hutch පාරිභෝගිකයින් වෙත  සපයන පහසුකම් වැඩිදියුණු කරමින්  මෙම සේවාව ක්‍රියාත්මක කරනු ඇත.
 
මෙරට දෛනිකව දුම්රියෙන් ගමන් කරන පිරිස ලක්ෂ 3 ඉක්මවන අතර  මේ හේතුවෙන් දුම්රිය තදබදයක්ද ඇතිවී තිබේ. මේ නිසා කලින් ආසන වෙන් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා දුම්රිය ස්ථානය වෙත ගොස්  පෝලිමක රැඳී සිට ආසන වෙන්කරවා ගැනීම වර්තමානයේ කාර්ය බහුල  ජීවිතයක් ගතකරන්නන්ට අසීරු කටයුත්තකි. මෙම අපහසුතාවට පිළියමක් වශයෙන් Hutchවෙතින් සිය පාරිභෝගිකයින් සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.මෙම සේවාව යටතේ ජංගම දුරකථනය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම  පහසුවෙන් සිදුකළ හැකිය. ඕනෑම Hutch දුරකථනයකින් 365 ඇමතීමෙන් පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන මෙම දුම්රිය ආසන වෙන්කිරීමේ සේවාව හා සම්බන්ධ වී ආසන වෙන්කර ගත හැකිය. ප්‍රවේශ පත්‍රය සඳහා වන අයකිරීම දුරකථන සබඳතාවයේ ඇති ගිණුමේ ශේෂයෙන් අයකර ගැනීම සිදුවෙයි.මෙහිදී කෙටි පණිවිඩයක් මගින් ප්‍රවේශ පත්‍රය වෙන්කළ බවට තහවුරු කිරීමක් ද පාරිභෝගිකයාට හිමිවෙයි.එම කෙටි පණිවිඩය දුම්රිය ස්ථානයේ ඒ සඳහා විශේෂ වු කවුන්ටරයට පෙන්වීමෙන්  ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට  පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙයි.
 

කොළඹ – මහනුවර සීඝ්‍රගාමී දුම්රිය, වවුනියාව සීඝ්‍රගාමී දුම්රිය, වවුනියාව රාත්‍රී තැපැල් දුම්රිය, යාල්දේවී, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, සහ රාජධානි එක්ස්ප්‍රස් යනාදී ප්‍රධාන දුම්රිය මාර්ග සඳහා මෙම සේවාව වලංගු වෙයි.

Hutch ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ Hutch, මොබිටෙල් හා ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒකාබද්ධව තම පාරිභෝගිකයින්ට සහන සැලසීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටු වන බවයි .එමෙන්ම  සම සේවා සැපයුම්කරුවෙකු වන මොබිටෙල් සහ සහයෝගීතාවයෙන් මෙම සේවාව සැපයීමට අවස්ථාව හිමිවීම සුවිශේෂි තත්වයක් බවයි.
 
ශ්‍රී ලංකා මොබිටෙල් හි ජ්‍යෙෂ්ට සාමාන්‍යාධිකාරී (වෙළඳ) නලින් පෙරේරා මහතා සඳහන් කළේ ක්ෂේත්‍රයේ සමානයින් වන  Hutch සහ මොබිටෙල්  ඒකාබද්ධ සේවා සැපයීම  දුරකථන සේවා සැපයුම් ක්ෂ්ත්‍රයට  නවමු අත්දැකීමක් බවයි. mTicketing සේවාව මගින් මේ වන විට පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරවීමට සමත්ව ඇති බවත් hutch හා එක්ව තව දුරටත් එම සේවාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
 Hutch නිරන්තරයෙන් සිය පාරිභෝගිකයාගේ සැබෑ  අවශ්‍යතාව හඳුනාගනිමින්   කටයුතු කරන අතර  ජංගම දුරකථන බැංකු සේවා, රක්ෂණ  සහ  e-channeling ආදී වශයෙන් විවිධ වු  පහසුකම් රැසක්  සිය පාරිභෝගිකයින් වෙත දැනටමත් හඳුන්වා දී තිබේ.

Hutch වෙතින් ස්මාර්ට්ෂෙයාර් සේවාව

පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ  අද්විතීය සේවාවක් 
 
මෙරට විශාලතම 3G ජාලයක් වන Hutch ශ්‍රීලංකාවේ මුල් වරට  සිය  පාරිභෝගිකයින් සඳහා SmartShare පහසුකම් හඳුන්වා දෙයි. Hutch   ස්මාර්ට්ෂෙයාර් ලෙස නම් කර ඇති මෙම පහසුකම යටතේ එක්  අංකයක ඇති ඩේටා ප්‍රමාණය  තවත් Hutch සිම් කාඩ්පත්  ඇති උපාංග කිහිපයක්  අතර භාවිත කිරීමේ හැකියාව ලැබේ. 
 
විවිධ උපාංග සඳහා වෙනම  Data ටොප් අප් කිරීම්දී මුහුණ දෙන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.
ගතවු වසර දෙක තුළ  3G උපාංග  භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස්  තිබේ. ඊට හේතුවී ඇත්තේ උපාංග සහ සේවාවල මිළ ගණන් පහළ යාමයි.  මේ නිසා මේ වන විට එක් පුද්ගලයෙක් සතුව අන්තර්ජාල සේවා සඳහා පරිහරණය කරන ස්මාර්ට්ෆෝනයක්, ටැබ්  පරිගණකයක්,  ඩොංගලයක් , ස්මාර්ට් ටීවී , සහ අන්තර් ජාල ක්‍රීඩා උපකරණ ආදී උපාංග  කිහිපයක් පවතියි. 
 
මෙම උපාංග සඳහා වෙන් වෙන් වශයෙන්  කලට වේලාවට ටොප් අප් කර ගැනීම ද  , මේවායේ ඇති ඩේටා වල කල් ඉකුත් වීමේ දිනයන් වෙන වෙනම මතක තබා ගැනීමද අසීරු වු කරුණකි.
 
මෙම පවතින ගැටළුවලට පිලියම් වශයෙන් SmartShare පහසුකම් හඳුන්වා දී තිබේ. මෙහිදී  එකම  අංකයකින්  තමන්ට අවශ්‍ය පරිදි සිම්පත් කිහිපයක් අතර ”ඩේටා ෂෙයාර්”කළ හැකි අතර ඒවා තම ජංගම දුරකථනය,ටැබ් පරිගණකය හෝ ඩොංගලය සඳහා භාවිත කළ හැකි වෙයි. මෙම Hutch SmartShare පහසුකම ලබාගැනීම සඳහා කිසිදු අමතර ගෙවීමක් සිදු නොකළ යුතු අතර අමතර මාසික ගාස්තු ගෙවීමක් හෝ ක්‍රියාත්මක කිරීමේ ගාස්තු ගෙවීමක් සිදු කළ යුතු නැත.
 
Hutch වෙළඳ ප්‍රධානි මොහොමඩ් හමීඩ් හසන් සඳහන් කළේ මෙම නව සේවාව දහස් ගණනක් වු Hutch පාරිභෝගිකයින් අතර දැනටමත් ක්‍රියාත්මක කර ඇති  බවයි. විශේෂයෙන්ම ඩොංගල් සඳහා Hutch සිම්පත් භාවිතයේදී ඒවායේ අංකය වෙනම මතක තබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වී  ඇති බවත් ඒ මහතා කියයි. එම සිම්පත සදහා මුදල් ගෙවීම,ඩේටා සැලසුම් තෝරාගැනීම, සහ ශේෂය විමසීම ආදී කරුණු දැනගැනීමට අංකය මතක තබාගැනීම අත්‍යවශ්‍යව තිබු බවත් මෙම නව සේවාවෙන් එම සියලු දුෂ්කරතා වලට පිළියම් ලැඛෙන බවත් මොහොමඩ් හමීඩ් හසන් මහතා කියයි.
 
පෙරගෙවුම් මෙන්ම පසු ගෙවුම් සබඳතා සහිත පාරිභෝගිකයින්  සඳහා මෙම සේවාව  ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම  අවස්ථාව මෙයයි.සිය පාරිභෝගික ජීවන රටාවට අවශ්‍ය පරිදි තාක්ෂණය සැපයීම  සදහා Hutch සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.
 
 Hutch SmartShare පහසුකම් යටතේ එක් Hutch ඩේටා සබඳතාවක් ඔස්සේ අනිකුත් Hutch සබඳතා සියල්ල සම්බන්ධ කර ගැත හැක.ඒ අනුව ප්‍රධාන ඩේටා සබඳතාවේ පවතින ඩේටා ප්‍රමාණය අනික් උපාංග වලට භාවිත කළ හැක.පාරිභෝගිකයාගේ මුදලට ඉහළ වටිනාකමක්  හිමිවීම ද මෙහිදී ලැබෙන අමතර වාසියකි. උපාංග සියල්ලටම සරිලන ඩේටා ප්‍රමාණයක් සහිත package එකක් මිලදී ගැනිමෙන් මෙම සේවාවේ උපරිම ප්‍රතිඵල අත්විඳිය හැකිය.
 
මෙම සේවාව පහසුවෙන් සක්‍රිය කිරීමට USSD මෙනු එකක් ඇති අතර නව උපාංග  එකතු කිරීමසහ එකතු කර ඇති උපාංග ඉවත් කිරීම ද එමගින්  පහසුවෙන්  කළ හැකිය.
 
Hutch ප්‍රධාන විධායක තිරුකුමාර් නඩරාසා මහතා මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මීට වසර 3කට පමණ පෙර 3G සේවා හඳුන්වා දුන්  අවධියේ සිට මේ දක්වා Hutch ඉතා සාර්ථකව ස්ථිරසාර පාරිභෝගික කොටසක් සතු කරගෙන ඇති බවයි.ශ්‍රී ලංකාවේ පවතින  ඩේටා ඉල්ලුම දිනෙන් දින වර්ධනය වන බවත්,ඊට සරිලන ආකාරයේ සැපයුමක් ලබාදීමට Hutch සුදානම් බවත් එහි ප්‍රධාන විධායක නිලධාරි වරයා පෙන්වා දෙයි.ගතවු කාලය තුළ සිදුකළ ආකාරයටම සිය පාරිභෝගිකයා වෙත ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවා අත්දැකීමක්  සැපයීමට Hutch කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.
Hutch SmartShare data service Unique facility eliminates hassle of managing data quotas on multiple devices

පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ අද්විතීය සේවාවක්

Hutch “GetnAiled ” ජයග්‍රාහිකයන් හමුවේ

පුවත බාගත කරගන්න

මෙරට අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින්  Hutch අති සාර්ථක  දෙවන වරටත් “GetnAiled Gaming Challenge” පරිගණක ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රහය ලබාදෙයි.

IMG_5305 IMG_5302 IMG_5297 IMG_5294

YES Superstar Season 3 සඳහා හච් අනුග්‍රාහය දක්වයි

මෙරට ප්‍රධාන පෙළේ බ්‍රෝඩ්බෑන්ඩ් 3G  සේවා සැපයුම් ආයතනයක් වන හච්, YES Superstar Season 3  සඳහා අනුග්‍රාහය දක්වයි. සජීවී ගායන තරඟාවලියක් ලෙස ප්‍රචලිත YES සුපර්ස්ටාර්, කුසලතාවය සහ සහජ හැකියාව මත ගායක ගායිකාවන් ඇගයීමට ලක් කරයි. 
 
මෙම වසරේ YES  සුපර්ස්ටාර් තරඟාවලියේ විනිශ්චය මඩුල්ල ලෙස ප්‍රසිද්ධ කලාවේදීන් වන නටාෂා රත්නායක, ඩිලේන් ජෝසප් සහ අශාන්ති ද අල්විස් සහභාගී වූ අතර මෙවැනි බොහෝමයක් වැඩසටහන් වල පවත්නා සාම්ප්‍රදායික මනාප ක්‍රමයෙන් බැහැරව අවසාන තරඟ වටයේ දී මහජන මනාපවලින් 80% ක් ද විනිශ්චය මණ්ඩලයේ ලකුණුවලින් 20% ක් ද සැලකිල්ලට ගනිමින් කිරුල හිමි ජයග්‍රාහකයා තෝරා  ගන්නා  ලදි. අවසානයේ දී දැඩි තරඟකාරිත්වය හමුවේ ජයග්‍රාහකයා ලෙස රයන් හෙන්ඩර්ලින් තෝරා ගත් අතර විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක් සහ දිනුක්ෂි හෙට්ටිගේ පිළිවෙලින් දෙවෙනි, තෙවෙනි සහ හතරවෙනි ජයග්‍රාහකයින් ලෙස නම් කරන ලදි. 
 
හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසුවේ ය.  “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි භාෂා සංගීත තරඟාවලියක් සමඟ හවුල්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටුවන්නෙමු. මෙය අපිට අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධවීමේ පසුබිමක් සකස් කරනවා පමණක් නොව මෙරට තරුණයන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරවීම තුළින් ඔවුනට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාව  ද උදා කර දේ. YES සුපර්ස්ටාර් සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය දේශීය කුසලතාවයන් සංවර්ධනය කිරීමෙහිලා කැපවුණු තාරුණ්‍යය අඟයන වෙළෙදනාමයක් ලෙස හච් හී කීර්තිනාමය තව තවත් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.

YES Superstar Season 3  ජයග්‍රාහකයින් හච් කණ්ඩායම සමඟ. ඡායාරූපයේ වමේ සිට : හච් හී සහකාර කළමනාකරු අලෙවිකරණ සන්නිවේදන ජෙහාන් මැනන්, රයන් හෙන්ඩර්ලින් , විත්මා කුමාරගේ, දිනුක්ෂි හෙට්ටිගේ, ඩැරන් ස්ටෝර්ක්, හච් හී විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සිනා මොර්සෙත් ලායි සහ අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා.

YES Superstar Season 3 ජයග්‍රාහකයින් හච් කණ්ඩායම සමඟ. ඡායාරූපයේ වමේ සිට : හච් හී සහකාර කළමනාකරු අලෙවිකරණ සන්නිවේදන ජෙහාන් මැනන්, රයන් හෙන්ඩර්ලින් , විත්මා කුමාරගේ, දිනුක්ෂි හෙට්ටිගේ, ඩැරන් ස්ටෝර්ක්, හච් හී විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සිනා මොර්සෙත් ලායි සහ අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා.


විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක්, රයන් හෙන්ඩර්ලින් සහ දිනුක්ෂි හෙට්ටිගේ ඇතුළුව YES Superstar Season 3 අවසන් වටයේ ජයග්‍රාහකයින්.

විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක්, රයන් හෙන්ඩර්ලින් සහ දිනුක්ෂි හෙට්ටිගේ ඇතුළුව YES Superstar Season 3 අවසන් වටයේ ජයග්‍රාහකයින්.