2015 හච් චැම්පියන්ස් චැලෙන්ජ් අලෙවි නියෝජිතයන් අගයයි

හච් සමාගම සිය වෙළෙදපොළ සහ ආදායමේ ඉහළ වර්ධනයක් වාර්තා කරයි. 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන 3G ජාලය වන හච් මෑතක දී පැවැත් වූ  “2015 හච් චැම්පියන්ස් චැලෙන්ජ් “ සම්මාන උළෙලේ දී මූල්‍ය වර්ෂයේ පළමු සහ දෙවෙනි කාර්තුවන්හී ඉහළ අලෙවියක් වාර්තා කළ අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක් කරන ලදි. 
 
විශේෂයෙන්ම සමාගමේ3G දත්ත අලෙවියේ  විශාල වර්ධනයක් මෑත කාලය තුළ දී දැක ගත හැකි වූ අතර දීපව්‍යාප්ත වෘත්තීමය සහ සේවා කුසලතාවයෙන් හෙබි විකුණුම් බලකායේ විශිෂ්ඨ  අලෙවි ක්‍රියාවලිය මෙම වර්ධනය සඳහා හේතු විය.
 
මෙම උළෙල සඳහා හච් සේවක මණ්ඩලය සහ දීප ව්‍යාප්ත අලෙවි නියෝජිතයන්  ඇතුළුව 400 අධික පිරිසක් සහභාගී වන ලදි. මෙම උළෙලේ දී  හච් සමාගමේ අනාගත සැලසුම් සහ නව හච් සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කළ අතර හච් අලෙවි නියෝජිතයන්  සමඟ වෙළෙදපොළ තත්ව සහ අභියෝග පිළිබඳ අදහස් හවුමාරු කර ගන්නා ලදි. 
 
එක කණ්ඩායමක් ලෙස මේ දක්වා ප්‍රදර්ශනය කළ ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් හච් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසුවේ ය. “දැඩි තරඟකාරිත්වය අභිබවා ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් 3G දත්ත සම්බන්ධයෙන් අභියෝගාත්මක තරඟකරුවෙකු ලෙස නැගී සිටීමට හච් සමාගම සමත් වී ඇත. මෙම ජයග්‍රාහණය සම්බන්ධයෙන් මම අපගේ සමස්ථ හච් සේවක මණ්ඩලයට ස්තූතිවන්ත වන අතර නව 3G පාරිභෝගිකයන් අත් කර ගන්නා අතරතුර දැනට සිටින පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉහළ සේවාවක් පිරිනමමින් ඉතාමත් විශිෂ්ට ක්‍රියාකාරිත්වයක් ප්‍රදර්ශනය කළ අපගේ විකුණුම් සේවක කණ්ඩායම විශේෂයෙන් මතක් කරන්නෙමි.
 
“අප සමාගම ප්‍රතිඵල ඉලක්ක කරගෙන ක්‍රියා කරන අතර හොඳ තරඟකාරිත්වයක් සහ සැබෑ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය අගයමින් විශිෂ්ට වර්ධනයක් වාර්තා කරන සේවකයින්ව ඇගයීමට ලක් කරන්නෙමු. අපගේ සේවක කණ්ඩායම් ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ගමන් කිරීමට මෙම සංස්කෘතිය සහ සේවා පරිසරය සහාය වනවා නිසැකයැයි“ හච් විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය අදහස් දැක්වූවා ය.

හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය විසින් කණ්ඩායම් ජයග්‍රාහකයින්ට විශිෂ්ට ක්‍රියාකාරිත්ව සම්මානය පිරිනමන අවස්ථාව. ඉරේෂ් නුවන් කුමාර, ඒ සමන් කුමාර, එච් ඒ සුරංග සංජීව, එම් එච් එම් සංජීව, ජනක තුෂාර, කේ එල් ඒ අනුරාධ සිල්වා, ජී ආර් පී බණ්ඩාර සහ කේ සී සම්පත් පෙරේරා යන අයද ඡායාරූපයේ පෙනි සිටී.

හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය විසින් කණ්ඩායම් ජයග්‍රාහකයින්ට විශිෂ්ට ක්‍රියාකාරිත්ව සම්මානය පිරිනමන අවස්ථාව. ඉරේෂ් නුවන් කුමාර, ඒ සමන් කුමාර, එච් ඒ සුරංග සංජීව, එම් එච් එම් සංජීව, ජනක තුෂාර, කේ එල් ඒ අනුරාධ සිල්වා, ජී ආර් පී බණ්ඩාර සහ කේ සී සම්පත් පෙරේරා යන අයද ඡායාරූපයේ පෙනි සිටී.


TEDxColombo 2015 කණ්‌ඩායම හච් කණ්‌ඩායම මුණ ගැසේ

පුවත බාගත කරගන්න

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන HUTCH මෙවර TEDxColombo 2015 සඳහා දිරි බලය සපයයි. සාර්ථක දෙවන වරටත්  මෙම සමුළුව  පසුගියදා කොළඹ හිල්ටන්  රෙසිඩෙන්ස් හිදී පැවැත්විණ. මේ සඳහා 550 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වුහ. “ අවකාශ පිළිබඳ නැවත සිතා බැලීම“ යන තේමාව යටතේ  TEDxColombo 2015 පැවැත්විණ.

 

IMG_9906IMG_9912

 

 

 

 

 

TNL ඔන්ස්ටේජ් සඳහා හච් අනුග්‍රහය

පුවත බාගත කරගන්න

මෙරට  බ්‍රෝඩ්බෑන්ඩ් 3G සේවාවන් සපයන ප්‍රධාන පෙළේ ආයතන අතරින් එකක් වන හච් ශ්‍රී ලංකා ආයතනය දේශීය සංගීත කුසලතා ඔප්නැංවීමට සහාය දැක්වීම සඳහා සංවිධානය කළ TNL ඔන්ස්ටේජ් සීසන් 15 හී නිල අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස ඉදිරිපත් වන ලදි. TNL ඔන්ස්ටේජ් මෙරට ආධුනික කලාවේදීන්ට ඒක පුද්ගල සහ සමූහ වශයෙන් ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමෙහිලා සහාය වන වැඩසටහනකි.

ශ්‍රී ලාංකීය තරුණ පරපුරට සිය හැකියාවන් එළිදැක්වීමෙහිලා සහාය වන වැඩසටහන් රැසකට හච් ශ්‍රී ලංකා ආයතනය අනුග්‍රාහය දක්වා ඇත.

TNL ඔන්ස්ටේජ් යනු TNL රේඩියෝ ජාලය විසින් සංවිධානය කරන වාර්ෂික සංගීත කුසලතා තරඟාවලියකි. මෙම මහඟු වැඩසටහන සඳහා සහභාගී වන සියළුම වර්ගයේ සංගීතඥයින් සහ කලාවේදීන්ට ප්‍රවීණ සංගීතඥයින් විසින් මෙහෙයවන වැඩමුළු සහ පුහුණු සැසි සඳහා සහභාගීවීමේ අවස්ථාව ද උදා වන අතර ඒ හරහා ඔවුනට වඩාත් හොඳ තරඟකාරිත්වයක් ලබා දෙමින් තරඟාවලියේ ඉදිරියට ගමන් කළ හැකි ය.

හච් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර්  නඩරාසා මහතා මෙසේ පවසන  ලදි. “ශ්‍රී ලංකාව තුළ නව සංගීත කුසලතාවයන් හඳුනාගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමෙහිලා TNL රේඩියෝ ආයතනයට සහාය වීමට හච් ආයතනය ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් විය. මෙය මෙරට තරුණ පරපුරට ඔවුන්ගේ සංවර්ධනය සඳහා අන්තර්ජාල ප්‍රවේශය පිරිනමන බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත නිෂ්පාදන පෙළක් පහසු මිලකට පිරිනැමීමේ හච් ආයතනයේ මෙහෙවර එක්ව ගමන් කරන්නේ ය.“

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට් මහතා මෙසේ පවසන ලදි. “ශ්‍රී ලංකාවේ මීළඟ විශාලතම කලා තරුව හඳුනාගැනීමෙහිලා සංවිධානය කළ ඔභඛ ඔන්ස්ටේජ්, විශේෂ වැඩසටහන සඳහා හවුල්වෙමින් ඒ සම්බන්ධයෙන් හච් ශ්‍රී ලංකා ආයතනය දැක් වූ කැපවීම පිළිබඳව අපි ඉතාමත් සතුටුවන්නෙමු.

වමේ සිට: හච් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා, TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට් මහතා සමඟ ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.

වමේ සිට: හච් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා, TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට් මහතා සමඟ ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.

වමේ සිට: හච් ආයතනයේ අලෙවිකරණ සන්නිවේදන සහකාර කළමනාකරු ජෙහාන් මැනන්, අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා, විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සෙත් ලී, ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට්, අලෙවිකරණ විධායක ෂලින්ද පෙරේරා.

වමේ සිට: හච් ආයතනයේ අලෙවිකරණ සන්නිවේදන සහකාර කළමනාකරු ජෙහාන් මැනන්, අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා, විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සෙත් ලී, ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට්, අලෙවිකරණ විධායක ෂලින්ද පෙරේරා.

TEDxColombo 2015 සඳහා HUTCH වෙතින් දිරි බලය

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන HUTCH මෙවර TEDxColombo 2015 සඳහා දිරි බලය සපයයි. සාර්ථක දෙවන වරටත්  මෙම සමුළුව  පසුගියදා කොළඹ හිල්ටන්  රෙසිඩෙන්ස් හිදී පැවැත්විණ. මේ සඳහා 550 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වුහ. “ අවකාශ පිළිබඳ නැවත සිතා බැලීම“ යන තේමාව යටතේ  TEDxColombo 2015 පැවැත්විණ.
හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර්  නඩරාසා මහතා  මෙම සහයෝගය දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ  TEDxColombo 2015 හි දර්ශනය HUTCH Sri Lanka සමඟ ගැලපෙන බවයි. “අවකාශ පිළිබඳව නැවත සිතා බැලීම“ යන මෙවර තේමාව ද HUTCH Sri Lanka සමඟ සැසඳෙන බව තිරුකුමාර් නඩරාසා මහතා පෙන්වා දුන්නේය. HUTCH Sri Lanka සාම්ප්‍රදායික සීමා බිඳහෙළමින් මෙරට සන්නිවේදන අවකාශයන් පුළුල් කරමින් සිටින බව  ඒ මහතා මෙහිදී පැවසීය.මෙරට ජංගම  දුරකතන ක්ෂේත්‍රයට නව්‍යතා රැසක් හඳුන්වා දුන් HUTCH 2G  තාක්ෂණයේ සිට   3G/4G දත්ත තාක්ෂණය දක්වා සීඝ්‍රෙයන් ගමන් කිරීම මෙරට ප්‍රජාවගේ අවකාශ පුළුල් කිරීමක් ලෙස තිරුකුමාර් නඩරාසා මහතා පෙන්වා දුන්නේය. එම කාර්යභාරය නිසි පරිදි සිදුකිරීමට හැතිවීම සම්බන්ධයෙන් තම ගම සතුටට පත්වන බව පෙන්වා දෙන තිරුකුමාර් නඩරාසා මහතා වැඩිදුරටත් පැවසුවේ ලෝක අන්තර්ජාල විප්ලවයට  සෑම ශ්‍රීලාංකිකයෙකුම පෙළ ගැසිය යුතු  බවයි.
ඡායාරූපය - වමේ සිට - ඩිලනි ද සිල්වා,වෙළඳ සන්නිවේදන ප්‍රධානි - HUTCH,  සෆ්රා අන්වර් - බලපත්‍රලාභී - TEDxColombo, තිරුකුමාර් නඩරාසා -ප්‍රධාන විධායක නිලධාරි HUTCH, ජුසාර් කායිඩ් - ලොජිස්ටික්ස් අධ්‍යක්ෂ - TEDxColombo, රම්සීනා මොර්සෙත් ලායි - වෙළඳ සහ අලෙවි ප්‍රධානී - HUTCH,ජෙහාන් මන්නන් - සහකාර කළමණාකාර - වෙළඳ සන්නිවේදන - HUTCH

ඡායාරූපය – වමේ සිට – ඩිලනි ද සිල්වා,වෙළඳ සන්නිවේදන ප්‍රධානි – HUTCH, සෆ්රා අන්වර් – බලපත්‍රලාභී – TEDxColombo, තිරුකුමාර් නඩරාසා -ප්‍රධාන විධායක නිලධාරි HUTCH, ජුසාර් කායිඩ් – ලොජිස්ටික්ස් අධ්‍යක්ෂ – TEDxColombo, රම්සීනා මොර්සෙත් ලායි – වෙළඳ සහ අලෙවි ප්‍රධානී – HUTCH,ජෙහාන් මන්නන් – සහකාර කළමණාකාර – වෙළඳ සන්නිවේදන – HUTCH

 
 

Hutch මගින් “GetnAiled ” පරිගණක ක්‍රීඩා තරගාවලිය දෙවන වරටත් බලගන්වයි

පුවත බාගත කරගන්න
මෙරට අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින්  Hutch අති සාර්ථක  දෙවන වරටත් “GetnAiled Gaming Challenge” පරිගණක ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රහය ලබාදෙයි. මෙම තරගාවලිය ලබන ජුලි 11 සහ 12 යන දිනවල කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හිදි පැවැත්වීමට නියමිතව තිබේ.

අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් දරන”n00b Alliance” විසින් මෙම තරගාවලිය සංවිධානය කරන අතර මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් වන Gamer.LK  ද මේ සඳහා සහය දක්වයි.Hutch “GetnAiled ”   අභියෝගය පසුගිය වසරේ  කොළඹ 4 මැජෙස්ටික් සිටි හි්දී පැවති අතර 500 දෙනෙකුට වඩා වැඩි තරගකරුවන් පිරිසක්  සහ කණ්ඩායම් 50 ක් පමණ ඊට එක්ව සිටියහ. මේ වසරේ, අතිශය ජනප්‍රිය අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවක් වන ‘Call of Duty 4’  ක්‍රීඩාව Hutch  “GetnAiled ” Gaming Challenge 2015  සඳහා තෝරාගෙන තිබේ. පසුගිය වසරට වඩා දැවැන්ත ලෙස මෙම තරගාවලිය මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කණ්ඩායම් 70ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.
මේ සඳහා ලියාපදිංචි වීම https://www.facebook.com/hutchsrilanka යන Hutch Facebook පිටුව ඔස්සේ සිදුකළ හැකිය. Hutch “GetnAiled” නැරඹිමට එන ඕනෑම අයෙකුට සහභාගි විය හැකි ආධුනික ක්‍රීඩකයින්ට තරගාවලියක් ද Hutch Experience Zone හි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ආධුනිකයන්ට අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවේ අති දක්ෂයින් වීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වන අතර ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින්‘’ප්‍රධාන පෙළේ Data සපයන්නකු ලෙස Hutch මෙවරත්   “GetnAiled”  2015 Gaming Challenge  සදහා පුර්ණ දිරි බලය ලබා දෙනවා. පසුගිය වසර කිහිපය තුළ ඉතා වේගයෙන් අන්තර්ජාල පරිගණක ක්‍රීඩා ශ්‍රිලංකාවේ ජනප්‍රියත්වයට පත්වුනා. ඒ නිසා දේශිය දක්ෂයින් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අපේ වගකීමක් කියා අප සිතනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප කැපවී කටයුතු කිරීමට සුදානම්,.එමෙන්ම පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් Call of Duty  පරිගණක ක්‍රීඩාවේ අති දක්ෂ කණ්ඩායම් දෙකක් වන Xiphos  සහ  nOOb alliance යන කණ්ඩායම් දෙකට Hutch ශ්‍රිලංකා පුර්ණ අනුග්‍රාහකත්වය සපයයි.
මෙම තරගාවලිය පිළිබඳ අදහස් දැක්වු “GetnAiled ” සංවිධායක විකුම් ජයසේකර මහතා‘’Hutch පුර්ණ අනුග්‍රාහකත්වය අපිට ලොකු ශක්තියක්.  දේශිය පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ Hutch දක්වන උනන්දුව අපි අගය කළ යුතුයි. විශේෂයෙන්ම මුල්‍ය දායකත්වය සැපයීමට විතරක් සීමා නොවී Hutch ශ්‍රිලංකා ආයතනය අන්තර්ජාල පහසුකම්, සහ පරිගණක ජාල පහසුකම් ආදී සේවා රැසක් සැපයීමෙන් මෙන්ම ඉතා සමීපව සංවිධාන කටයතු වලට සම්බන්ධ වෙමින් මේ තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය දෙනවා. තරුණ වැඩිහිටි අතර ඉතාම ජනප්‍රිය පරිගණක අන්තර්ජාල ක්‍රීඩා මේ වෙනකොට ලෝකයේ වෘත්තිමය ක්‍රීඩාවක් වන මට්ටමට පත්වෙලා තිඛෙනවා˜
GetNailed 2015 Winners