TEDxColombo 2015 සඳහා HUTCH වෙතින් දිරි බලය

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන HUTCH මෙවර TEDxColombo 2015 සඳහා දිරි බලය සපයයි. සාර්ථක දෙවන වරටත්  මෙම සමුළුව  පසුගියදා කොළඹ හිල්ටන්  රෙසිඩෙන්ස් හිදී පැවැත්විණ. මේ සඳහා 550 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වුහ. “ අවකාශ පිළිබඳ නැවත සිතා බැලීම“ යන තේමාව යටතේ  TEDxColombo 2015 පැවැත්විණ.
හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර්  නඩරාසා මහතා  මෙම සහයෝගය දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ  TEDxColombo 2015 හි දර්ශනය HUTCH Sri Lanka සමඟ ගැලපෙන බවයි. “අවකාශ පිළිබඳව නැවත සිතා බැලීම“ යන මෙවර තේමාව ද HUTCH Sri Lanka සමඟ සැසඳෙන බව තිරුකුමාර් නඩරාසා මහතා පෙන්වා දුන්නේය. HUTCH Sri Lanka සාම්ප්‍රදායික සීමා බිඳහෙළමින් මෙරට සන්නිවේදන අවකාශයන් පුළුල් කරමින් සිටින බව  ඒ මහතා මෙහිදී පැවසීය.මෙරට ජංගම  දුරකතන ක්ෂේත්‍රයට නව්‍යතා රැසක් හඳුන්වා දුන් HUTCH 2G  තාක්ෂණයේ සිට   3G/4G දත්ත තාක්ෂණය දක්වා සීඝ්‍රෙයන් ගමන් කිරීම මෙරට ප්‍රජාවගේ අවකාශ පුළුල් කිරීමක් ලෙස තිරුකුමාර් නඩරාසා මහතා පෙන්වා දුන්නේය. එම කාර්යභාරය නිසි පරිදි සිදුකිරීමට හැතිවීම සම්බන්ධයෙන් තම ගම සතුටට පත්වන බව පෙන්වා දෙන තිරුකුමාර් නඩරාසා මහතා වැඩිදුරටත් පැවසුවේ ලෝක අන්තර්ජාල විප්ලවයට  සෑම ශ්‍රීලාංකිකයෙකුම පෙළ ගැසිය යුතු  බවයි.
ඡායාරූපය - වමේ සිට - ඩිලනි ද සිල්වා,වෙළඳ සන්නිවේදන ප්‍රධානි - HUTCH,  සෆ්රා අන්වර් - බලපත්‍රලාභී - TEDxColombo, තිරුකුමාර් නඩරාසා -ප්‍රධාන විධායක නිලධාරි HUTCH, ජුසාර් කායිඩ් - ලොජිස්ටික්ස් අධ්‍යක්ෂ - TEDxColombo, රම්සීනා මොර්සෙත් ලායි - වෙළඳ සහ අලෙවි ප්‍රධානී - HUTCH,ජෙහාන් මන්නන් - සහකාර කළමණාකාර - වෙළඳ සන්නිවේදන - HUTCH

ඡායාරූපය – වමේ සිට – ඩිලනි ද සිල්වා,වෙළඳ සන්නිවේදන ප්‍රධානි – HUTCH, සෆ්රා අන්වර් – බලපත්‍රලාභී – TEDxColombo, තිරුකුමාර් නඩරාසා -ප්‍රධාන විධායක නිලධාරි HUTCH, ජුසාර් කායිඩ් – ලොජිස්ටික්ස් අධ්‍යක්ෂ – TEDxColombo, රම්සීනා මොර්සෙත් ලායි – වෙළඳ සහ අලෙවි ප්‍රධානී – HUTCH,ජෙහාන් මන්නන් – සහකාර කළමණාකාර – වෙළඳ සන්නිවේදන – HUTCH