TNL ඔන්ස්ටේජ් සඳහා හච් අනුග්‍රහය

පුවත බාගත කරගන්න

මෙරට  බ්‍රෝඩ්බෑන්ඩ් 3G සේවාවන් සපයන ප්‍රධාන පෙළේ ආයතන අතරින් එකක් වන හච් ශ්‍රී ලංකා ආයතනය දේශීය සංගීත කුසලතා ඔප්නැංවීමට සහාය දැක්වීම සඳහා සංවිධානය කළ TNL ඔන්ස්ටේජ් සීසන් 15 හී නිල අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස ඉදිරිපත් වන ලදි. TNL ඔන්ස්ටේජ් මෙරට ආධුනික කලාවේදීන්ට ඒක පුද්ගල සහ සමූහ වශයෙන් ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමෙහිලා සහාය වන වැඩසටහනකි.

ශ්‍රී ලාංකීය තරුණ පරපුරට සිය හැකියාවන් එළිදැක්වීමෙහිලා සහාය වන වැඩසටහන් රැසකට හච් ශ්‍රී ලංකා ආයතනය අනුග්‍රාහය දක්වා ඇත.

TNL ඔන්ස්ටේජ් යනු TNL රේඩියෝ ජාලය විසින් සංවිධානය කරන වාර්ෂික සංගීත කුසලතා තරඟාවලියකි. මෙම මහඟු වැඩසටහන සඳහා සහභාගී වන සියළුම වර්ගයේ සංගීතඥයින් සහ කලාවේදීන්ට ප්‍රවීණ සංගීතඥයින් විසින් මෙහෙයවන වැඩමුළු සහ පුහුණු සැසි සඳහා සහභාගීවීමේ අවස්ථාව ද උදා වන අතර ඒ හරහා ඔවුනට වඩාත් හොඳ තරඟකාරිත්වයක් ලබා දෙමින් තරඟාවලියේ ඉදිරියට ගමන් කළ හැකි ය.

හච් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර්  නඩරාසා මහතා මෙසේ පවසන  ලදි. “ශ්‍රී ලංකාව තුළ නව සංගීත කුසලතාවයන් හඳුනාගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමෙහිලා TNL රේඩියෝ ආයතනයට සහාය වීමට හච් ආයතනය ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් විය. මෙය මෙරට තරුණ පරපුරට ඔවුන්ගේ සංවර්ධනය සඳහා අන්තර්ජාල ප්‍රවේශය පිරිනමන බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත නිෂ්පාදන පෙළක් පහසු මිලකට පිරිනැමීමේ හච් ආයතනයේ මෙහෙවර එක්ව ගමන් කරන්නේ ය.“

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට් මහතා මෙසේ පවසන ලදි. “ශ්‍රී ලංකාවේ මීළඟ විශාලතම කලා තරුව හඳුනාගැනීමෙහිලා සංවිධානය කළ ඔභඛ ඔන්ස්ටේජ්, විශේෂ වැඩසටහන සඳහා හවුල්වෙමින් ඒ සම්බන්ධයෙන් හච් ශ්‍රී ලංකා ආයතනය දැක් වූ කැපවීම පිළිබඳව අපි ඉතාමත් සතුටුවන්නෙමු.

වමේ සිට: හච් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා, TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට් මහතා සමඟ ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.

වමේ සිට: හච් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා, TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට් මහතා සමඟ ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව.

වමේ සිට: හච් ආයතනයේ අලෙවිකරණ සන්නිවේදන සහකාර කළමනාකරු ජෙහාන් මැනන්, අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා, විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සෙත් ලී, ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ TNL රේඩියෝ නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ කළමනාකරු ජූඩ් ඛෙනෙඩික්ට්, අලෙවිකරණ විධායක ෂලින්ද පෙරේරා.