YES Superstar Season 3 සඳහා හච් අනුග්‍රාහය දක්වයි

මෙරට ප්‍රධාන පෙළේ බ්‍රෝඩ්බෑන්ඩ් 3G  සේවා සැපයුම් ආයතනයක් වන හච්, YES Superstar Season 3  සඳහා අනුග්‍රාහය දක්වයි. සජීවී ගායන තරඟාවලියක් ලෙස ප්‍රචලිත YES සුපර්ස්ටාර්, කුසලතාවය සහ සහජ හැකියාව මත ගායක ගායිකාවන් ඇගයීමට ලක් කරයි. 
 
මෙම වසරේ YES  සුපර්ස්ටාර් තරඟාවලියේ විනිශ්චය මඩුල්ල ලෙස ප්‍රසිද්ධ කලාවේදීන් වන නටාෂා රත්නායක, ඩිලේන් ජෝසප් සහ අශාන්ති ද අල්විස් සහභාගී වූ අතර මෙවැනි බොහෝමයක් වැඩසටහන් වල පවත්නා සාම්ප්‍රදායික මනාප ක්‍රමයෙන් බැහැරව අවසාන තරඟ වටයේ දී මහජන මනාපවලින් 80% ක් ද විනිශ්චය මණ්ඩලයේ ලකුණුවලින් 20% ක් ද සැලකිල්ලට ගනිමින් කිරුල හිමි ජයග්‍රාහකයා තෝරා  ගන්නා  ලදි. අවසානයේ දී දැඩි තරඟකාරිත්වය හමුවේ ජයග්‍රාහකයා ලෙස රයන් හෙන්ඩර්ලින් තෝරා ගත් අතර විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක් සහ දිනුක්ෂි හෙට්ටිගේ පිළිවෙලින් දෙවෙනි, තෙවෙනි සහ හතරවෙනි ජයග්‍රාහකයින් ලෙස නම් කරන ලදි. 
 
හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසුවේ ය.  “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි භාෂා සංගීත තරඟාවලියක් සමඟ හවුල්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටුවන්නෙමු. මෙය අපිට අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධවීමේ පසුබිමක් සකස් කරනවා පමණක් නොව මෙරට තරුණයන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරවීම තුළින් ඔවුනට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාව  ද උදා කර දේ. YES සුපර්ස්ටාර් සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය දේශීය කුසලතාවයන් සංවර්ධනය කිරීමෙහිලා කැපවුණු තාරුණ්‍යය අඟයන වෙළෙදනාමයක් ලෙස හච් හී කීර්තිනාමය තව තවත් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත.

YES Superstar Season 3  ජයග්‍රාහකයින් හච් කණ්ඩායම සමඟ. ඡායාරූපයේ වමේ සිට : හච් හී සහකාර කළමනාකරු අලෙවිකරණ සන්නිවේදන ජෙහාන් මැනන්, රයන් හෙන්ඩර්ලින් , විත්මා කුමාරගේ, දිනුක්ෂි හෙට්ටිගේ, ඩැරන් ස්ටෝර්ක්, හච් හී විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සිනා මොර්සෙත් ලායි සහ අලෙවිකරණ සන්නිවේදන අංශ ප්‍රධානී ඩිලනි ද සිල්වා.

විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක්, රයන් හෙන්ඩර්ලින් සහ දිනුක්ෂි හෙට්ටිගේ ඇතුළුව YES Superstar Season 3 අවසන් වටයේ ජයග්‍රාහකයින්.

විත්මා කුමාරගේ, ඩැරන් ස්ටෝර්ක්, රයන් හෙන්ඩර්ලින් සහ දිනුක්ෂි හෙට්ටිගේ ඇතුළුව YES Superstar Season 3 අවසන් වටයේ ජයග්‍රාහකයින්.